Thursday, December 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයා බැන්නා යැයි කියා නවක වෛද්‍යවරිය වේදනා නාශක පෙති 34ක් බීලා.!

2247Views

මාරවිල මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු තම කණ්ඩායමේ පුහුණු වන නවක වෛද්‍යවරියකට බැණ වැදුණේ යැයි කියන සිද්ධියක් මත එම නවක වෛද්‍යවරිය වේදනා නාශක පෙති 34ක් බී සිය දිවි නසා ගැනීමට උත්සාහ දරා එම රෝහලේම ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය පවසනවා.
 
මාරවිල පොලිසියට 24 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ වෛද්‍යවරියගේ මව පැමිණිලි කරමින් පවසා ඇත්තේ, මෙම විශේෂඥ වෛද්‍යවරයා නිතර තම දියණියට දොස් පැවරීම නිසා ඇය සිත් තැවුලෙන් රාජකාරිය කළ බවත්, එම තත්ත්වය ඉවසීමට නොහැකිව 24 වැනිදා පස්වරුවේ වේදනා නාශක පෙති 34 ක් පානය කර ඇති බවත්ය.

සිදුවීම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වන පුත්තලම දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ දිනුෂා ප්‍රනාන්දු
 
" මේ පුහුණු වන වෛද්‍යවරිය වේදනානාශක පෙති වගයක් බිව්වා කියලා දැන ගන්න ලැබුණා. 

විශේෂඥ වෛද්‍යවරයා යටතේ මෙම වෛද්‍යවරිය පුහුණුව ලබමින් මෑතක සිට මාරවිල රෝහලේ සේවය කරනවා. මේ වෛද්‍යවරිය රුසියාවේ හා පිලිපීනයේ වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ. මාරවිල රෝහලේ සමහර කටයුතු කරන්න ඇයට අමාරු නිසා රෝගීන්ට සිදුවන අවදානම සලකලා යම් අවස්ථාවල ජ්‍යෙෂ්ඨ දොස්තරලා ඉගෙන ගන්නා අයට තදින් කථා කරනවා. අවවාද කරනවා, කියලා දෙනවා. 

සමහර විට මේ තත්ත්වය ඇතැම් අයට දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වෛද්‍යවරිය ගැන වෛද්‍ය සභාවට දන්වලයි තියෙන්නේ. පෙති බීපු වෛද්‍යවරියගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මම හොයලා බලලා කටයුතු කරනවා." යනුවෙන් පැවසූවා.