×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හැමෝම කතා වෙන එයාර්ටෙල් කතා බස් පැකේජ් එක ඔය කියන තරමටම වාසි ද

2985Views

එයාර්ටෙල් වෙතින් අලුතෙන්ම හඳුන්වාදුන් "කතා බස් " පැකේජ් එක ගැන මේ දවස්වල හැමෝම වගේ කතා වෙන්න පටන් අරගෙන.සමහරු කියන තරමටම මේ පැකේජ් එක වාසි සහගතද..?

අද අපි කතා කරන්න හිතුවෙ ඒ ගැන.

1.පොකට් එකට වාසි ගොඩක්


සමහර වෙලාවට අපි ගන්න පඩියෙන් බාගෙට බාගයක්ම වියදම් වෙන්නේ ෆෝන් බිල ගෙවන්න.ඒත් සකසුරුවම් විදිහට ෆෝන් එක පාවිච්චි කරනවනම් සෑහෙන මුදලක් අපිට ඉතිරි කරගන්න පුලුවන්.එහෙමයි කියලා ෆෝන් එකෙන් කතා නොකර ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉන්නත් බැහැනේ.ඒ නිසා හොඳම දේ තමයි සල්ලි කන්නෙ නැති අපිටම ගැලපෙන සිම් එකක් තෝරලා බේරලා ෆෝන් එකට දාගන්න එක.ඒත් ඉතින්

වැඩේ තියෙන්නේ ඒකට හරියන සිම් එකක් දැනට වෙලඳපොලේ තියෙනවද කියන එක.

මේ ගැන අපි පොඩ්ඩක් හොයලා බැලුවා.එයාර්ටෙල් වෙතින් හඳුන්වලා දුන්න "කතා බස් "සිම් එකට මාසෙටම වැය වෙන්නේ රුපියල් 98 ක් විතරයි.අද කාලේ මාලු පාන් ගෙඩියක් කාලා ප්ලේන් ටි එකක් බොන්නත් රුපියල් 100ක්ම වියදම් වෙනවා.අඩුම තරමේ රුපියල් 100 ට එක ඩොලරයක්වත් ගන්න බැහැ.එහෙම එකේ අපේ ෆෝන් බිල මේ තරම් පොඩි ගානකට සීමා වෙනවා කියන එක නම් ඇත්තටම සතුටුදායක කාරණයක්.

ඒක නිසා මේ කතා බස් සිම් එක , අරපිරිමැස්මෙන් මාසෙ පඩිය වියදම් කරන අයට වගේම ෆෝන් බිල වැඩියි කියලා හූල්ලන අයටත් වටින කියන සිම් එකක් වේවි.

 

2. කාටද මේ package එක වැදගත් වෙන්නෙ?

උදේ ඉඳන් හවස් වෙනකනුයි රෑ එළිවෙනකනුයි මල් කඩපු couple වලට නම් මේ පැකේජ් එකේ වටිනාකම ගැන අමුතුවෙන් කියන්න ඔ්න නෑ.
ඉස්සර Couple simහොයාගෙන රට වටේ ඇවිදපු ඔයාලට දැන් තියෙන්නෙ ලේසියෙන්ම airtel network එකට මාරු ‌වෙලා 98 පැකේජ් එක activate කරගන්න. ඒ් විතරක් නෙමෙයි. ඔයා වැඩිපුරම කතා කරන ආදරවන්තයට/ ආදරවන්තියටත් / ගෙදර අය‌ට / office එකේ කැම්පස් එකේ යාළුවන්ටත මේ ගැන කියල ඒ් හැම කෙනෙක්වමත් airtel සිම් එකට මාරුකරගන්න. එතකොට ඔයා වටේ ඉන්න හැමෝටම කතා කරන්න වැය වෙන්නෙ රු 98 ක් විතරයි.

ඒ් විතරක් නෙමෙයි. ඔයා ගමේ ඉඳන් කොළඹ ඇවිත්  Job කරන කෙනෙක්නම් අම්මට තාත්තට කතා කරන්න සහෝදරයන්ට කතා කරන්න එයාලගෙ සැප දුක් අහන්න කතා කරන්න දැන් මාසෙටම යන්නෙ රු.98 ක් විතරයි.

පොදුවේ බැලුවම අපි හැම කෙනෙක්ටම මේ සිම් එක මොන විදියකින් හරි වාසි සහගතයි.

මොකද කියනවනම් ඔබ හිතන්න මාසෙටම ඔබට පවුලේ අයට කතා බහ කරලා,එයාලගේ සැප දුක හොයලා බලන්න මෙච්චරකල් ෆෝන් බිලට විතරක් රුපියල් 5000ක් වියදම් වුනා කියලා.ඒත් අද ඉඳලා ඔයාට වැයවෙන්නේ රුපියල් 98ක් විතරමයි.ඒ කියන්නේ රුපියල් 4902ක් ඔයාට හැම මාසෙම ඉතිරි වෙනවා.කොහොමද වැඩේ..සුපිරියි නේද..?.

 

3.ලංකාවෙ පලමු වතාවට මෙහෙමත් වාසියක්.

ගොඩක් වෙලාවට අපි කෝල් එකක ඉද්දි අපිත් නොදැනුවත්වම සල්ලි ඉවර වෙනවා.මහ රෑක වගේ නම් කාර්ඩ් එකක් දාගන්න යන්න තරමේ දුර කඩයක්වත් නැහැ.අනික හදිසි වෙලාවක ෆෝන් එකේ බැලන්ස් එක බිංදුවයි නම් කාට කියන්නද..මේ වගේ වැඩ අනන්තවත් ඔයාට වෙලා ඇති.අඩුම තරමේ sms එකක්වත් යවා ගන්න තරම් බැලන්ස් එකක් අපේ ෆෝන් වල නැති වෙන වෙලාවන් අනන්තවත් තියෙනවා.

ඒත් මේ හැම කරදරයකටම එයාර්ටෙල් කතා බස් සිම් එක හොඳ විසඳුමක්.මොකද මේ සිම් එකෙන් ඔයාට ඕන තරම් වෙලාවක් එයාර්ටෙල් පාවිච්චි කරන ඕනම කෙනෙක් එක්ක ඇති වෙනකල් කතා කරන්න පුලුවන්.ඒ කියන්නේ මේ සිම් එකෙන් ඔයාට unlimited calls තමයි හමබවෙන්නෙ.සුපිරියි නේද වැඩේ..

විනාඩි මෙච්චරක් ෆ්‍රී..කියලා කියන සමහරු වගේ නෙවෙයි.ඔබේ ආදරණියන්,සමීපතමයින් එක්ක ඇතිවෙනකල් කතා කරන්න අවස්ථාව උදා කරලා දෙන මේ කතා බස් සිම් එකෙන් ලැබෙන මේ වාසිය මේ වෙනකල් වෙනත් කිසිම දුරකථන සමාගමකින් ලැබිලා නැහැ.ලංකාවේ පලමු වතාවට තමයි මෙහෙම වැඩක් අපි වෙනුවෙන් එයාර්ටෙල් වෙතින් හඳුන්වලා දීලා තියෙන්නෙ.රුපියල්  98 කින් ඕන තරමක් වෙලා කතා කරන්න පුලුවන්කම ඒ නිසාම දැන් ඔබටත් උදා වෙලා තියෙනවා.රැ තිස්සෙ මල් කඩන ආදරවන්තයින්ට වගේම,දුර බැහැර ඉන්න තමන්ගේ සමීපතමයා හෝ ආදරණීයන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඔවුන් ගැන සොයා බලන්නට දැන් ඔබට මේ නිසා තවත් පහසු වෙනවා.

 

4.අතරමඟ ට්‍රැෆික් නැති සුපිරිම තාක්ෂණය

ඇතැම් ප්‍රදේශවල සමහර වෙලාවට කෝල් එකක් ගන්න එක්කො ගහකට නගින්න ඕනෙ.එහෙමත් නැතිනම් සිග්නල් තියෙන තැනක් හොයාගෙන ගවු ගානක් දුර යන්න ඕනෙ.මේ නිසාම හදිස්සියකටවත් කෝල් එකක් ගන්න බැරිවෙන වෙලාවන් තියෙනවා.

හැබැයි එයාර්ටෙල් කියන්නේ අපේ රටේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන දුරකථන ජාලය.කොළඹ ඉඳලා සංගමන් කන්දට ගියත්,පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දරතුඩුවට ආවත් එයාර්ටෙල් වෙතින් ඔබට ලබා දීලා තියෙන පහසුකම් නිසා කිසිම ප්‍රශ්නයකින් තොරව සන්නිවේදන කටයුතු සිද්ද කරගන්න පුලුවන්.

ඉතිං මේ පහසුකමත් අලුතෙන්ම හඳුන්වලා දුන්නා කතා බස් පැකේජ් එකටත් ඇතුලත් වෙලා තියෙනවා.

 

5.බෝනස් මල්ලක්

සාමාන්‍යයෙන් අලුතෙන් සිම් එකක් ගත්තොත් අපිට හම්බවෙන්නෙ සිම් එක විතරයිනේ.ඒත් මේ සිම් එකත් එක්කම මදි නොකියන්න තවත් වාසි ඇති තරම් දීලා තියෙනවා.

අසීමිත දුරකථන ඇමතුම්වලට අමතරව දින 30 ක් පුරාවටම පාවිච්චි කරන්න පුලුවන් SMS 1000 ක් සහ 100MB නොමිලේම ඔබට ලැබෙනවා.

ඉන්ටර්නෙට් යන්න නම් දැනට අපේ රටේ තිබෙන සුපිරිම සිම් එක තමයි එයාර්ටෙල් . ඒක හැමෝම අවිවාදයෙන් පිළිගන්න කාරණාවක්. අපේ රටේ වේගයෙන්ම ව්‍යාප්තවන ජංගම දුරකථන ජාලය බවට එයාර්ටෙල් පත්වුනෙත් ඒ නිසාම තමයි.වැඩිපුර ඩේටා කැපෙන්නෙ නැති,අධි වේගයෙන්ම ඉන්ටර්නෙට් එකේ සැරිසරන්න ඉඩ ලබා දෙන එයාර්ටෙල් වෙතින් හඳුන්වලා දෙන මේ කතාබස් සිම් එකටත් ඒ වාසිය අඩුවක් නැතිවම ලැබෙනවා.

එහෙම බැලුවම ඔයාට ලැබෙන මේ වාසි මල්ල මිල කරන්න බැරි තරම්.මොකද මේ දේවල් ලැබෙන්නේ කතා බස් සිම් එකත් එක්ක සම්පූර්ණයෙන්ම නොමිලේමයි.

 

6.ලේසියෙන්ම ගන්න පුලුවන්කමත් තිබීම

අපි දැන් මේ විස්තර කිවුවට පස්සෙ ඔබටත් අනිවාර්‍යෙන්ම එයාර්ටෙල් කතා බස් සිම් එකක් ගන්න ඕනා කියලා හිතෙන්න ඇති.ඒත් ඉතිං අපේ රටේ ගොඩක් වෙලාවට වෙන්නේ කෙරෙන වැඩක් වුනත් නොකෙරෙන තැනකට තල්ලු කරන එකනේ.අර ලියවිලි ගේන්න මේ ලියවිලි ගේන්න කියලා කියනකොට කිසිම කෙනෙක්ට එතනින් එහාට ඒ වැඩේ කරන්න අදහසක් පහල වෙන්නෙ නෑ.

ඒත් ඒ කතාව මෙතනට අදාල නැහැ. ඔයාලට තියෙන්නෙ මෙන්න මේ link එකට ගිහින් ඔයාගෙ තොරතුරු ඇතුළත් කරන්න විතරයි. සිම් එක ගෙදරටම Deliver කරන්න airtel සූදානම්.

Sim promo link - http://bit.ly/2X0lfmJ

ඒ්වගේම ඔයා දැනටමත් airtel user කෙනෙක් නම් ලේසියෙන්ම 98 card එකක් top up කරගෙන මේ Package එක active කරගන්න පුළුවන්. එහෙම නැත්නම් recharge.airtel.lk වෙබ් සයිට් එකට ගිහින් රු.98 ක් රීලෝඩ් කරල මේ පැකේජ් එක ඇක්ට්ව් කරල බලන්න. ඒ වගේම ඔයාගෙ phone එකේ රු.98 කට වඩා balance එකක් තියෙනම් *98# dial කරලා මේ පැකේජ් එක activate කරගන්නත් පුළුවන්

ඉතිං මේ කියන වාසි ටික ඔක්කොම ගැන හිතලා බැලුවම ඔබටම තේරෙයි,කියනවටත් වඩා මේ එයාර්ටෙල් කතා බස් පැකේජ් එක සුපිරියි කියලා