Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉන්දියාවේ හිටපු ජනපති අබ්දුල් කලාම්ගේ සටහන 'ලංකාවේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියෙන් ' සැබෑ වූ හැටි

2229Views

ඉන්දියාව 2020 න් එහා නම් ග්‍රන්ථයේ ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා සඳහන් කරන්නේ රටක සමෘද්ධියට සහ සශ්‍රිකත්වයට  අවශ්‍යතම සාධකය අධ්‍යාපනය යනුවෙනි. 

මහාචාර්ය කලාම් එහි වැඩිදුරටත් පවසන්නේ 2020 වර්ෂය වන විට ඉන්දියාවේ සෑම දෙමාපියෙකුගේම සිහිනය වන්නේ තමන්ගෙ දරුවන් තමන්ගේ නිවසට ළගම පාසලට ගොස්  ප්‍රමාණාත්මක හා ගුණාත්මක අධ්‍යාපනයක් ලැබේවි යන  විශ්වාසය බවයි.

අබ්දුල් කලාම් මහතා ඉන්දීය මව්පියන්ට 2020 වර්ෂයේ දී සිහිනයක් ලෙස දැකීමට යෝජනා කරන දෙය ශ්‍රී ලාංකික දෙමාපියන්ට මෙන්ම දරුවන්ටත් අද සැබැවින් දැකීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ ළගම පාසල හොදම පාසල වැඩසටහන තුළිනි. 

වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපන අරමුණු හා ඉලක්‌ක සකස්‌ කර ඇත්තේ 21 වැනි සියවස සඳහායි. 

මෙහි අරමුණ සිසුන් බිහි කළ යුත්තේ අනාගතය උදෙසා බවයි. 

නැතහොත් නොපෙනෙන අනාගතයක්‌ සඳහා සිසුන් සූදානම් කළ යුතු බවයි. 

රටේ සියලු දරුවන් වෙනුවෙන් පරිපූර්ණ සහ සාධාරණ අධ්‍යාපන අවස්ථා සුරක්ෂිත කිරීම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයකි. 

ඒ අනුව සමාජයේ වරප්‍රසාද ලත් කුඩා පිරිසක් පමණක් සඳහා වැඩි අධ්‍යාපන අවස්ථා ලැබෙන ක්‍රමයක් වෙනුවට මෙරට සමස්ත සිසු දරු දැරියන්ට සාධාරණ හා සමාන වරප්‍රසාද මෙන්ම ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලැබෙන ක්‍රමයක් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ලබා දෙන බව පැහැදිලිය.  



සියලු සිසු දරුවන්ට එක හා සමාන ගුණාත්මක අධ්‍යාපන පහසුකම් සහ අවස්ථා සාධාරණ ලෙස ලබා දීමේ  අරමුණින් මීට පෙර ක්‍රියාත්මක වැඩසටහන්වල අත්දැකීම් ද පදනම් කරගනිමින් හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත පාසල් නගාසිටුවීමට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය 
ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීමෙන් ආරම්භ කරනු ලැබූවකි .

මෙම ව්‍යාපෘතිය මගින් සෑම සිසු දරුවකුටම තම නිවසට ළඟම පාසලින් ගුණාත්මක අධ්‍යාපන පහසුකම් යටතේ අධ්‍යාපනය ලබාගැනීමට ඇති අයිතිය සහතික කිරීමට පියවර ගෙන තිබෙනවා.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ තවත් පාසල් ගොඩනැගිලි 250ක් එකම දිනකදී සිසු අයිතියට පත් කිරීම ජුලි මස 04  වන දින සිදු වනවා.

එහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ පේරාදෙණිය ජාතික අධ්‍යාපන  විද්‍යාපීඨ පරිශ්‍රයේදීයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අවස්ථාවට එක්වනු ඇති.