Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සම්ප‍්‍රදායට අභියෝග කළ අපේ කාලයේ ඇය

5360Views

ඔබට හැකිද ඔබේ කුඩා අවධිය හෝ පාසල් අවධිය මතකයට නගාගන්න. ඒ අවධියේදී ඔබ සතුව මොනතරම් දක්‍ෂතා පැවතුනාද? නමුත් අද වන විට ඔබ තුළ ඒ දක්‍ෂතා වලින් ඇත්තේ කොපමණ ප‍්‍රමාණයක්ද ? අපි කරන්නේ අපේ දක්‍ෂතා වලින් එකක් පමණක් තෝරාගෙන ඒ ඔස්සේ ගමන් කිරීමයි. නමුත් විදුරංගිට එවැනි කෙනෙකු වීමේ අවශ්‍යතාවයක් නොවීය. 

ඇය ළමා කාලයේ සිටම ගායනය, නාට්‍ය රංගනය, හඬකැවීමේ කලාව, නිවේදනය ආදී කලාවන් රැසක් සම්බන්ධයෙන් දක්‍ෂතා දැක්වූවාය. වර්තමානයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට ආයතනයක ව්‍යාපාර සංවර්ධන සහ පර්යේෂණ අංශයේ ප‍්‍රධානියා වන ඇය, සිය වෘත්තීය කාර්යයන් මෙන්ම අනෙකුත් දක්‍ෂතාවයන් මනාව වර්ධනය කරගනිමින් ජීවිතය සමබර ලෙස පවත්වා ගනිමින් සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත්ව ඇත. 

SLIIT උසස් අධ්‍යාපන ආයතනය වෙතින් පළමු පන්තියේ සාමාර්ථ්‍යයක්ද සමගින් ව්‍යාපාර පරිපාලන උපාධිය හිමිකරගත් ඇය, සිය ශාස්ත‍්‍රීය අධ්‍යයන කටයුතු කෙරෙහි දැක්වූ දක්‍ෂතාවය හේතුවෙන් ශ‍්‍රාස්ත‍්‍රීය විශිෂ්ටත්වය සඳහා පිදෙන ‘SLIIT ව්‍යාපාර පාසලේ රන් පදක්කම’ පවා දිනාගත්තාය. 

අධ්‍යාපන කාලය තුළදී ද ඇයගේ දක්‍ෂතා වර්ධනය කරගැනීම සඳහා SLIIT ආයතනය මනා තෝතැන්නක් වූ අතර, එමගින් ලැබූ පන්නරය තුළින් දිවයිනේ ප‍්‍රකට රූපවාහිනී නාලිකා දෙකක් හා සම්බන්ධවී නිවේදිකාවක් වශයෙන් ද ඇය කටයුතු කළාය. 

මෙහිදී ඇය සතු ඉදිරිපත් කිරීමේ සහ ආකර්ෂණීය අයුරින් පැහැදිළි කිරීමේ හැකියාව තවදුරටත් මුවහත් කරගත් ඇය, SLIIT ආයතනය සමඟ සම්බන්ධවී සිය දැනුම පසු පරම්පරවා සමඟ බෙදාහදා ගැනීමටද යොමු විය. ‘කලාවට ගිය සිත අයාලේ නොයයි’ කියන්නාක් මෙන් ඇයගේ සාර්ථකත්වය සඳහා මේ කලාවේ නිරතවීමෙන් ලැබූ ආභාෂය ඉමහත් ශක්තියක් සැපයීය. විශේෂයෙන් එයින් ලැබෙන වින්දනය, දැනුම, ආත්මශක්තිය වගේම පෞරුෂ වර්ධනය, ඇය අද දිනයේ ලබන සියලූ ජයග‍්‍රහණ සඳහා මනා පිටුවහලක් විය.

 

 

වැඩි විස්තර සඳහා www.sliit.lk වෙත යොමුවන්න.