×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සත්‍යග්‍රහයේ නිරත විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රදේශවාසීන් පහර දේ - රුහුණු විශ්ව විද්‍යාලය වසා දැමේ.!

4866Views

ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලය දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ පරිපාලන මණ්ඩලයේ පැවති සකච්ඡා වලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වේ.

පසුගිය දින රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිට එරෙහිව විශ්ව විද්‍යාලීය සිසුන් විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුනා. මෙම අවස්තාවේදී විශ්ව විද්‍යාලය වෙත අවට ගම්වාසීන් පිරිසක් පැමිණ සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් වෙත පහර දී තිබෙනවා.

මුහුණු වසා පැමිණි කණ්ඩායමක් අදාළ පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වනවා. ඉන් අනතුරුව විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ වෙත පහර දී ඇති බවයි වාර්තා වේ.

මේ හේතුවෙන් සිසුන් 8කට හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා.