×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඉන්දියානු බලාපොරොත්තු සුනේ සුන්" සුපිරි කේන් විලියම්සන් ප්‍රමුඛ කිවියන් කෝලී ඇතුලු නඩය ගෙදර යවයි.!

2401Views

2019 ලෝක කුසලාන තරග මාලාවේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරදා සුපිරි ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුනා.

වේග පන්දු යවන්නන්ට උචිත ඕල්ඩ් ට්‍රැෆර්ඩ් තනතීරුවේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තයේ පිතිකරණ වගකීම භාර ගත්තේ සුපිරි පිතිකරු කේන් විලියම්සන් සහ ජ්‍යේෂ්ඨ පිතිකරු රෝස් ටේලර් විසිනි.

නිකොලොස් සමග එක්වූ කෙන් විලියම්ස් දෙවැනි කඩුල්ලට ලකුණු 69 ක සබඳතාවක් එක් කරමින් නවසීලන්ත ඉනිම ඔසවා තැබිමට සමත් විය. නායක කෙන් විලියම්සන් පන්දු 95 කදී හතරේ පහර හයක් සමග ලකුණු 67 ක් ලබා ගත්තේය. ජ්‍යේෂ්ඨ පිතිකරු ‍රෝස් ටේලර් නවසීලන්ත ඉනිම සවිමත් කරමින් ලකුණු 74ක් ලබා ගත්තේය.

පන්දුව තදින් දෝලනය වන ඕල්ඞ්ට‍්‍රැෆර්ඞ් තනතීරූවේ ඉන්දියානුවන්ගේ පළමු කඩුලූ තුනම පන්දු 19 ක් තුළදී ලකුණු 5කට ගලවා දැමීට නවසීලන්ත වේග පන්දු බල ඇණිය සමත් විය. පැතලි තනතීරූ වලදි ශතක පහක් ලබා සිටි රෝහිත් ෂර්මා සහ මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියෙක් වනවා යැයි මාධ්‍ය මගින් පිම්බූ ඉන්දීය නායක විරත් කෝලී එක ලකුණකට දැවී ගියේය.