×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඉන්දියානු ක්‍රිකට් රසිකයන්ට යකා නගියි" කෝලි, රෝහිත්, දෝණීගේ නිවාස වලට විශේෂ ආරක්ෂාවක්.!

5612Views

මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය හමුවේ එංගලන්ත කණ්ඩායම ලැබූ පරාජයත් සමග ඉන්දියානු ක්‍රිකට් රසිකයන් දැඩි ලෙස නොසන්සුන් වී තිබෙනවා. තවද ඉන්දීය මාධ්‍යයද ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වූ සිය කණ්ඩායමට පහර දීම අරඹා තිබෙනවා.

මේ අනුව එරට කණ්ඩායමේ නායක හා ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පිතිකරු විරාත් කෝලී, ලෝක කුසලානයේ ශතක පහක් රැස් කළ රෝහිත් ෂර්මා, ලෝක කුසලාන දිනු හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණිගේ නිවාස වලටද ආරක්ෂාවක් සපයා තිබෙනවා.

ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ සුපිරි දක්ෂතා දැක්වූ අතර ඔවුන් පළමු වටය අවසන් කළේ ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 1 කණ්ඩායම ලෙසටයි. රෝහිත් ෂර්මා මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ශතක පහක් රැස් කරමින් ලෝක වාර්තාවක්ද පිහිටවීය.

නමුත් එක තරගයක් පරාජය වූ සැණින් ඉන්දීය රසිකයන් සහ මාධ්‍ය මගින් කණ්ඩායමට එක් කරනා මෙම විවේචනාත්මක පීඩනය ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයට රහස බව විචාරකයන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ මෙම විවේචන හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයන් තරග පරාජය වීමට බිය වී සිටින බවයි.

කෙසේ වෙතත් ලෝක කුසලානයේ ලජ්ජා සහගත පරාජයක් ලබමින් පළමු වටයෙන්ම ඉවත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවට්ර පැමිණි අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ නිළධාරීන් කිසිඳු පසුතැවිල්ලක් හෝ ලැජ්ජාවක් නොපෙන්වමින් මාධ්‍යයට සහ රසිකයන්ටම විවේචන එල්ල කිරීම විශේෂත්වයකි.

සුපිරි ජයග්‍රහණ වැලකට පසු ලැබූ එක් පරාජයකට ඉන්දීය ක්‍රිකට් රසිකයන් ප්‍රතිචාර දැක්වූ අයුරු,

 

වීථි දෙපසට රැස් වූ රසිකයන් ඉන්දියානු ක්‍රීඩකයන්ගේ පෝස්ටර් ගිනි තබනා අයුරු,