Wednesday, July 24, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කමිටුවට ගිය දයාසිරි තර්ක දමා කමිටුවම යටත් කරයි - ටාජ් සමුද්‍රා හෝටලයේ සිටි රහසිගත නියෝජිතයන් ගැනත් එළියට.!

10923Views

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුව ඊයේ (10) දිනයේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරය. ශ්‍රීලනිප මහලේකම්වරයා පළමු වතාවට කැඳවූ අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කර කැඳවීම වර්ජනය කළ අතර කළ නමුත් අද දිනයේ ඔහු කමිටුව හමුවේ පෙනී සිටියේය.

තේරීම් කාරක සභාවේ සාමාජිකයන් විසින් අසන ලද බොහෝ පැනයන්වලට ශූර ලෙස පිළිතුරු දෙන්නට සමත් වූ ශ්‍රීලනිප මහ ලේකම්වරයා ඇතැම් අවස්ථාවල මතු කළ තර්ක හේතුවෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටු සාමාජිකයන් පවා අර්බුදයට පත් වූ සෙයක් දැක ගැනීමට හැකි විය.

මෙම ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා වෙත එල්ල කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවද පැවසූ මහලේකම්වරයා මෙම ප්‍රහාරය පසුපස ජාත්‍යන්තර යුද්ධයක් ඇති බව සිය මතය යැයි සඳහන් කළේය. එහිදි රජය විසින් ඇමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත සෝෆා, මිලේනියම් කෝපරේෂන්, ඇක්සා යන ගිවිසුම් මන්ත්‍රීවරයාගේ දැඩි අවදානයට ලක් විය.

හම්බන්තොට වරාය බදුදීම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදුදීම, ත්‍රිකුණාමල වරාය බදු දීම, ත්‍රිකුණාමලය හා කොළඹ අතර විශේෂ ආර්ථික කලාපය ආදී කාරණා මෙම ප‍්‍රහාරය හා සම්බන්ධයක් ඇතැයි පෙන්නුම් කරන බවද ජයසේකර මහතා පැවසීය.

තවද මෙම ප්‍රහාරකයන් ටාජ් හෝටලයට ප්‍රහාරය එල්ල නොකර නැවත හැරී යාම සැක සහිත බවත් එදින ටාජ් හෝටලයේ රැඳී සිටි ඇතැම් පිරිසක් පිළිබඳව සැක මතුවන බවද ශ්‍රීලනිප ලේකම්වරයා ප්‍රකාශ කළේය.