Friday, February 28, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘මම බෑ කියද්දිම එයා විවාහ කරලා දුන්නා - මේ ෂරියා නීතියද කියන එක තමයි මට තියෙන සැකේ‘‘ මුස්ලිම් කාන්තාවකගෙන් චෝදනාවක්

2790Views

තම දික්කසාදය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ක්වාසි උසාවිය ලබාදුන් තීන්දුවෙන් දැඩි අසාධාරණයට ලක් වූ ඌවපරණගම,බෝවෙල ප්‍රදේශයේ කාන්තාවක් ඒ පිළිබඳ  මාධ්‍ය වෙත අනාවරණයක් කළා. එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ ක්වාසි උසාවියේ තීන්දු නිසා බොහෝ මුස්ලිම් කාන්තාවන් පීඩාවට පත්ව සිටින බවයි.

එසේම මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් දැනුම්වත් කළද තමන්ට මෙතෙක්  සහනයක් නොලැබුනු බව ප්‍රකාශ කරන ඇය ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිළි කළා. 

''මීට අවුරුදු 06 කට කලින් මම ගුරුතලාවෙ කෙනෙක් විවාහ කර ගත්තා. ඊට පස්සෙ එයාගෙ අනියම් සම්බන්ධතාවයක් තිබුණා. අපි දෙන්නා අතර  ගැටුම් ඇති වෙලා කොහොමහරි මේක ක්වාසි උසාවියට ගියා මගේ ස්වාමි පුරුෂයා. පස්සෙ මම බෑ කියද්දිම එයාගෙ අනියම් සම්බන්ධතාවය ගැන ක්වාසි උසාවියට කියද්දි එයාම විවාහ කරලා දුන්නා.

මගේ බඩු මුට්ටු රත්තරං බඩු ඔක්කොම අරයට අරන් දුන්නා. මට කිසිම සහනයක් ලබා දීලා නෑ. මටයි මගේ දරුවටයි කිසිම සහනයක් ලැබිලා නෑ දැනට. දරුවට රුපියල් 3000 ක් ගෙවනවා එච්චරයි ලැබිලා තියෙන්නෙ. මේක මේ ෂරියා නීතියද කියන එක තමයි මට තියෙන සැකේ.

ඇත්තටම අද මුස්ලිම් කාන්තාවො පාරක් පාරක් ගානෙ අසරන කරලා තියෙන්නෙ‘‘