Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අගමැතිගේ ග්‍රහ අපල දුරුවෙන්න කතරගමට අලි පැටවෙකු ලබා දීමේ උත්සාහයක් ගැන අනාවරණයක්..!

1482Views

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අපළ දුරු වීම සඳහා රිදීගම ජාතික සත්වෝද්‍යානයේ සිටින ඇත් පැටවෙකු කතරගම දේවාලය බාරදීමේ සූදානමක් ගැන පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කරුණු  අනාවරණය කරනවා. ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන්  කරුණූ ඇතුළත් ලිපියක් භාර දීම සඳහා උන්වහන්සේ ඊයේ (13) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ උණුසුම් තත්වයක්ද ඇතිව තිබුණා.

කෙසේ වෙතත් අදාළ ලිපිය අරලියගහ මන්දිරයේ නිලධාරියෙකුට බාර දීමෙන් අනතුරුව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස කරුණු පැහැදිළි කළා.

‘‘රිදීගම සත්වෝද්‍යානයේ ඉන්නවා ඉසිර කියලා අලි පැටියෙක්.ඉතාමත්ම පුංචි අලි පැටියෙක්. අලි පැටියා මේ වන විට අගමැතිවරයාගේ අපල දුරුවෙන්න, ජනාධිපතිවරයට අභිෂේක ලබන්න කතරගම දේවාලෙට පූජා කරන්න ලෑස්තිවෙලා තියෙනවා. ඔබතුමාලගෙ  දේශපාලනයට මේ අහිංසක කිරි බොන තාම අම්මගෙ ලඟ වැඩෙන, හුරතලේ දුව පැන ඇවිදින මේ නිදහසේ ඉන්න සතාව හිරකර ගන්නවා දම්මැල් දාලා. සහගහන සාපරාදී වැඩක්‘‘