Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ධීවර යාත්‍රාවක සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් පොලිසියට කොටුවෙයි - හඳුනා නොගත් මත්ද්‍රව්‍යත් සමඟ තරුණ තරුණියන් 12 ක් අත්අඩංගුවට

1807Views

මිරිස්ස මුහුදු ප‍්‍රදේශයේ ධීවර යාත‍්‍රාවක සංවිධාන කර තිබූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරන අතර  මෙම සාදය සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව මාතර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සහ සැකකාරියන් සතුව තිබී හෙරොයින්, අයිස් සහ හෂීස් මත්ද්‍රව්‍ය මෙන්ම කේරළ ගංජා, මුද්දර සහ හඳුනා ගෙන නොමැති මත්පෙති 05 ක්ද, ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති අතර මෙම පිරිස අවුරුදු 20 ත් 26 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, ගණේමුල්ල, වත්තල, කැලණිමුල්ල, රත්මලාන, මාකොල, මාතර සහ වැලිගම යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (14)  මාතර මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.