Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොළඹට ප්‍රහාරයක් එල්ලවන බවට 119 ට දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයෙකුට වැඩ වැරදුන හැටි

2015Views

119 පොලිස් හදිසි දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙමින් කොළඹට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන බව ප්‍රකාශ කළ  පුද්ගලයෙකු අද (14) ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසනවා. බොරැල්ල කුරුප්පු මාවතේ පදිංචි, ඇල්ල නගරයේ හෝටලයක් පවත්වාගෙන යමින් සිටි 57 හැවිරිදි මුස්ලිම් ජාතියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පසුගිය 12 වනදා කොළඹ නගරයේ කිසියම් ස්ථානයකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන බවට වෙනත් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි සිම්පතකින් මෙම පුද්ගලයා පොලිස් හදිසි දුරකථන අංකයට දුරකතන ඇමතුමක් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයා  බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඇල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.