Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘සුපිරි පන්දුවාරයට පන්දු 18ක් ඕනෑ‘‘ - අයිසිසියේ නීති රිති ගැන ක්‍රිකට් ලොව දැවන්තයින්ගෙන් විවේඡන

7091Views

ක්‍රිකට් ලොවම මවිතයට පත් කළ 2019 ලෝක කුසලාන අවසන් මහා තරඟය පිළිබඳව බොහෝදෙනා අදහස් දක්වමින් සිටිනවා.

ඒ අතර හිටපු සුපිරි ක්‍රීඩකයන්ද සිටිනවා.

හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන ගෞතම් ගාම්භීර් පවසන්නේ හතරේ පහරවල් තුලින් ලෝක කුසලාන ජයග්‍රහකයෙකු තෝරා ගැනීම සිතා ගැනීමට අපහසුය යන්නයි.එය ජාත්‍යනත්ර ක්‍රිකට් කවුන්සලයේ අසාධාරණ නීතියක් බවත්, තරඟය සම විය යුතු තිබුණ බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම පසුගිය දිනෙක ක්‍රිකට් පිටියට සමුදුන් සහ 2011 ලෝක කුසලාන තරඟාවලියේ වීරයා බවට පත්වූ යුවරාජ් සිං ද පවසන්නේ තමාද අයිසිසියේ නීති සමග එකඟ නොවන බවයි.කෙසේ නමුත් නීති යනු නීති බවත් නවසීලන්ත හා එංගලන්ත කණ්ඩායමට හදවතින්ම සුභ පතන බවත් ඔහු පවසයි.

මේ අතර ශ්‍රීලංකා කණ්ඩායමේද හිටපු හුණුකරවෙකු වන  ටොම් මූඩි පවසන්නේ සුපිරි පන්දුවාරය පිළිබඳව, හතරේ පහරවල් තුලින් ලෝක කුසලාන අවසන් තරඟයක ජයග්‍රහකයා  තීරණ කිරීම පිළිබඳ ඇතිව කිබෙන විවාදාත්මක තත්වය තමාට තේරුම් ගත හැකි බවය.මෙහිදී තමා වඩාත්ම ව්‍යෘකුලත්වයට පත්ව ඇති කාරණය බවට ටොම් මූඩ් සඳහන් කරන්නෙ  “ප්‍රධාන තරඟයේ දෙවනුවට පන්දුවට පහර දෙන කණ්ඩායම සුපර් ඕවරයේදී පළමුව පන්දුවට පහර දීම‘‘ බවයි.

හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයෙකු වන මාක් වෝ සඳහන් කරන්නේ සුපිරි පන්දුවාරයට පන්දු 6කට වඩා තිබිය යුතු බවයි.පන්දුවාර 3ක් ඊට වඩාත් උචිත බව ඔහු පවසයි.