Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අගමැතිගෙන් රන්ජන් රාමනායකට ලිපියක්

3340Views

මහා සංඝරත්නය සම්බන්ධයෙන් පසුගියදා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා විසින් අද (15) ලිපියක් යොමුකරමින් රාජ්‍ය අමාත්‍යවරයාට මේ බව දන්වා ඇති අතර එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ එළැඹෙන 21 දාට පෙර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව කරුණු සඳහන් කරන ලෙසයි.

එසේම  රන්ජන් රාමනායක අමාත්‍යවරයා දැක්වූ අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවත් එම කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම ලිපියේ සඳහන්.