Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

චීන ඉන්ධන සමාගමක් ලංකාවට එන්න සැරසෙයි

4429Views

චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අදාල සමාගම Fuel oil Sri Lanka ලෙස නම් කර ඇති බවත්, එය හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අදාළ සමාගම  ප්‍රකාශ කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

නැව් සහ විදුලිබලාගාර සදහා භාවිත කරන ඉන්ධන සැපයීම මෙම සමාගම තුළින් සිදුකිරීමට නියමිත අතර සූවස් ඇල සහ මලක්කා සමූද්‍ර සංදිය අතර ප්‍රධාන නැව් මාර්ගයක පිහිටා ඇති හම්බන්තොට වරාය උපයෝගි කරගනිමින් නෞකාවලට ඉන්ධන සැපයීම සිය ආයතනය පිහිටුවීමේ අරමුණ බවයි සිනොපෙක් සමාගම ප්‍රකාශ කර ඇත්තේ.