Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"එංගලන්තයට ලෝක කුසලානය දිනා දුන්නේ ධර්මසේන හා ICCය‍යි" ක්‍රිකට් ප්‍රජාවෙන් ධර්මසේනට චෝදනා.!

7904Views

පසුගියදා නිමාවූ 2019 ලෝක කුසලානයේ අවසන් මහා තරගය දැඩිව ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. මෙහිදී පන්දු වාර පනහ අවසානයේදී කණ්ඩායම් දෙකේ ලකුණු සමවූ අතර ඉන්පසුව සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කෙරුණා. එහිදීද ලකුණු සමවූ නමුදු වැඩිම හයේ හතරේ පහරවල් එල්ල කළ එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානය හිමි වුනා. කුමාර ධර්මසේන සහ මාරිස් එරාස්මස් තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළා.

මෙහිදී තරගය උඩුයටිකුරු කරමින් එංගලන්තයට වාසි අත් කර දුන් විනිසුරු තීරණ කිහිපයක් මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබේ. එහිදී එංගලන්ත පිතිකරු බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව පසුකර ගිය පන්දුවකට විනිසුරු ධර්මසේන විසින් ලකුණු හයක් ප්‍රධානය කළා. කෙසේ වෙතත් ලොව සුපිරිතම විනිසුරුවරයෙක් වන සයිමන් ටෝෆල් පවසන්නේ එම තීරණය වැරදී බවත් එංගලන්තයට හිමි විය යුත්තේ ලකුණු පහක් පමණක් බවත් ය.

කුමාර ධර්මසේන විසින් එංගලන්තයට ලබා දුන් මෙම අතිරේක ලකුණ නොතිබෙන්නට ලෝක කුසලානය පහසුවෙන් නවසීලන්තයට ජය ගැනීමට තිබූ බව ෆොක්ස් නිවුස් සේවය වාර්තා කරනවා. 

ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයක මෙලෙස විනිසුරු වැරදීම් සිදු වීම කිසිලෙසකින් හෝ අනුමත කළ නොහැකි බවත් එම අතිරේක ලකුණ හේතුවෙන් ලෝක කුසලානයේ ජයග්‍රාහකයා වෙනස් වූ බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තවද සුපිරි ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා ඇතුලු බොහෝ දෙනෙක් වැඩි හතරේ හයේ පහරවල් එල්ල කිරීම යන සාධකය මුල් කරගෙන එංගලන්තයට ලෝක කුසලානය ලබා දීමටත් දැඩිව විවේචන එල්ල කර තිබෙනවා. එහිදී රෝහිත් ෂර්මා පවසා තිබුනේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් නීතින්ට සංශෝධනයක් අවශ්‍ය බවය.