Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරු නැවතත් තනතුරු භාර ගන්නේ මෙහෙමයි.!

1915Views

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන් යළි ඇමැති ධුර භාර ගැනීම මෙම සතිය තුළදීත් සිදු නොවනු ඇති බවට වාර්තා වෙනවා. මේ බව මාධ්‍යයට කියා සිටින්නේ තනතුරින් ඉවත් වූ හිටපු නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම් විසිනි.

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන් යළි ඇමැති ධුර භාරගත යුතු යැයි තීරණය කළද, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කොට සියලූ දෙනාම අවසන් නිගමනයකට පැමිණිය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ ආකාරයටම එම ධුර යළි භාරගන්නේ නම් එයද සාමූහිකව සිදුවිය යුතු බවද, එහෙත් ඒ කෙලෙස ද යන්න සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද මන්ත්‍රීවවරයා පවසනවා.
 
එලෙස සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් තවම දිනයක් යොදාගෙන නොමැති බවත්, කොළඹින් බැහැරව සිටින මැති ඇමැතිවරුන් ඉදිරි සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කොළඹ පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ෆයිසාල් කාසීම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍යයට පවසනවා.
 
මේ අතර මුස්ලිම් තරුණියන් විවාහ වීමේදී වයස අවුරුදු 18 ට වැඩි යුතු බවට වන නීතියට මුස්ලිම් මැති ඇමැතිවරුන් එකඟ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළා. ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ගෙනැවිත් ඇති නව කෙටුම්පතට සංශෝධන සහිතව එකඟ වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.