Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දස හැවිරිදි දැරියක් අපයෝජනය කළ දෙදරු පියෙකු පහර කෑමෙන් මිය යයි

7714Views

දස හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකොට පොලීසියෙන් සැඟවී සිටි පුද්ගලයකු ඊයේ (19) අළුයම දැරිය දූෂණය කළ ස්ථානයටම රැගෙගොස් පහර දී ඝාතනය කර ඇති බව ගල්කිරියාගම පොලීසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශ දඹුලු හල්මිල්ලෑව, හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. දසනායක නැමති 50 හැවිරිදි දෙදරු පියෙක්.

මෙම අපරාධය සිදු වූ දැරියගේ මව පොල් ගස් නැග ඉතා අසීරුතා මධ්‍යයේ දරුවන් පස් දෙනෙකු ජීවත් කරවීම සිදුකර ඇති අතර පසුගියදා ඒ පිළිබඳ මාධ්‍ය මගින්ද ඒ පිළිබඳ වාර්තා කළා. ඒ අනුව එම පවුලට බොහෝ දෙනාගේ උපකාර ලැබී ඇති අතර එවන් අසරණ තත්වයක සිටි පවුලේ දස හැවිරිදි දැරිය මෙලෙස අපයෝජනයට ලක්ව තිබෙනවා.

දැරියගේ දෙමාපියන් මීට දින කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කර තිබුණු අතර ඒ අනුව අදාළ සැකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා යන අවස්ථාවේදී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

කෙසේ නමුත් ඊයේ අළුයම් කාලයේ නිවසක පිටුපස මෙම පුද්ගලයා රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සහ අපරාධය සිදු වූ දැරියගේ පියා ඔහු අල්ලා ගැනීමට ගොස් ඇති අතර  එම ස්ථානයේ දී ඇතිවූ ගැටුමකින් මෙම පුද්ගලයා මිය යන්නට ඇති බවයි දැරියගේ මව ප්‍රකාශ කරන්නේ.

මේ අතර  දස හැවිරිදි මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්කොට ඔහුගේම තවත් මිතුරෙකුට මෙම දැරිය ලිංගික අපයෝජනයට ලබාදී තිබෙන බවත්,  එම පුද්ගලයාද  ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බව පොලීසිය පවසනවා.