Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වාහන සිහිනය තවදුරටත් සිහිනයක් නෙමෙයි - තමන්ගෙම කියලා වාහනයක් ගන්න ලේසිම ක්‍රමය මෙන්න

7727Views

තමන්ගෙම කියලා වාහනයක් ගන්න එක හැමදෙනාටම තියෙන හීනයක්. හැබැයි ඉතිං එකසැරේ සල්ලි දීලා වාහනයක් ගන්න එක බොහෝ දෙනෙකුට හිතන්නවත් බැරි දෙයක්. ඒ නිසා වාහනයක් මිලදී ගනිද්දි ලීසිං එකක් දාලා වාහනය ගන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නෙ. හැබැයි ඒ විදියට වාහනයක් ගන්න ගියත් දහසකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. අන්න ඒ නිසා තමයි කිසිම කරදරයක් නැතිව  රෙජිස්ටර්ඩ් හෝ අන්රෙජිස්ටර්ඩ් ඕනෑම වාහනයකට අවශ්‍ය ලීසිං දවසෙන් ලබාගෙන ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න පුළුවන් පහසුම විදියක් ගැන ඔබට කියන්න හිතුවෙ.

ලීසිං එකක් ගන්න ගියාම ගොඩක් දෙනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි ඇපකරුවන් සොයා ගන්න එක. මොකද ලීසිං එකක් ගනිද්දි ඇපකරුවන්ගේ පෙනී සිටීම අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් ඔබ NDB ලීසිං හරහා ඔබගේ ලීසිං අවශ්‍යතා සපුරා ගැනීමේදී ඔබට ඇපකරුවන් අවශ්‍ය වෙන්නෙ නැහැ.

ඒ වගේම ඇතැම් ලීසිං සමාගම් හරහා ලීසිං ණය මුදල ලබා දෙන්න කලින් ඔබට වාරික කිහිපයක් ගෙවන්න වෙනවා. නමුත්  NDB ලීසිං හරහා කිසිඳු මූලික ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ලීසිං ණය මුදල ලබා ගන්න පුඵවන් වගේම ඔබගේ සිහින වාහනය ලබා ගන්න අවශ්‍ය නිවැරදි මගපෙන්වීමත් ලබා දෙනවා.

ලීසිං ලබා ගැනීමේදී බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් තමයි අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරගන්න දින ගණනාවක් ගතවීම. නමුත් NDB ලීසිං හරහා ඔබට මේ කිසිම අපහසුතාවයක් නොමැතිව එක දවසෙන් ඔබට අවශ්‍ය ණය මුදල ලබා ගන්න පුලුවන්.

නිවසේ සිටම සේවාව ලබා ගැනීමට හැකියාව

අවුරුදු 07 දක්වා ලීසිං පහසුකම්

රක්ෂණය සඳහා පහසු ගෙවීම් සැළසුම්