Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපතිවරණයට සිහින දකින, කලගෙඩිහේනේදි VIP පාට් දැමු රථය හිමි ටියුෂන් ගුරාගේ පැටිකිරිය මෙන්න (AUDIO)

14553Views

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා ප්‍රාඩෝ රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී වේගයෙන් ගමන්කිරීමට ඉඩ ලබා නොදීමේ සිදුවීම සම්බන්ධයෙන්   වෑන් රථයකට පහරදුන්  ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කෝට්ඨාශයට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  එසේම එම ආරක්ෂකයින් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය ද මහරගම, ඇල්හේන පාරේ නිවසක තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පහරදීමේ සිදුවීමට අදාල CAG – 0550 අංකය දරන ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථය අංක 37 ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි  ඉංජිනේරුවරයෙක් බව කියාගන්නා  දිනේෂ් නුවන් අමරතුංග යන අයගේ බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා. එසේම ඔහු එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙකු බවටද රාවයක් පැතිර යනවා.

රූපවාහිනී මාධ්‍ය හරහා තම පාඨමාලා ප්‍රවර්ධනය කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගණිතය විෂය සම්බන්ධ පාඨමාලා මෙහෙයවන අදාල  පුද්ගලයා මීට පෙර පරිගණක පාඨමාලා පවත්වමින් ඉතා වංචාසහගතව දෙමාපියන්ගේ මුදල් සූරාකා තිබුනා.

මීට අමතරව විවිධ වංචා සහගත ක්‍රියාවන් රැසකට සම්බන්ධ ඉංජිනේරුවෙකු බව කියා ගන්නා අදාළ ටියුෂන් ගුරුවරයා සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී නෙත්.එෆ්.එම් බැලුම්ගල හරහා අනාවරණය කළා.  එම වැඩසටහන් පහතින් ශ්‍රවණය කරන්න.

2013.08.16 දින විකාශය වූ වැඩසටහන

 2013.08.29 දින විකාශය වූ වැඩසටහන