Tuesday, August 11, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

ඔබත් රැවටුනාද..? මුහුණු පොතෙන් ණය ලබා දෙන ජාවාරමක් ගැන හෙළි වෙයි

3581Views

මේ වෙද්දි බොහෝ දෙනා අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා පවත්වාගෙන යන  මූල්‍ය සේවා හරහා ණය ලබා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙන්නේ ෆේස්බුක් හරහා අඩු පොලියට ණය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන ලෙසයි.

මේ දිනවල ක්‍රියාත්මක flashcashloan.lk නැමති 2% තරම් අඩු මුදලකට ණය ලබා දෙන  ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තාවීම මීට ආසන්නතම හේතුව බව සඳහන් වන අතර මේ වන විට අදාල ෆේස්බුක් පිටුව අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

එසේම  අඩු පොලී මුදලක් යටතේ ණය ලබාදෙන බව පවසා මහජනතාවගේ මුදල් වංචා කරන මෙවැනි සිදුවීම් රැසක් මීට පෙරද වාර්තා වුණා.