Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොලිසියට කඩු වලින් පහර දෙන්න ගිය ‘‘ආවා‘‘ කල්ලියේ සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මිය යයි

1583Views

යාපනය,මනිපායි , ඉනුවිල් ප්‍රදේශයේදී ආවා කල්ලි සාමාජිකයන් පිරිසක් සහ පොලීසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (20) රාත්‍රී 8.40 ට පමණ මෙම සිදුවීම වාර්තා වුන බවයි  පොලිසිය සඳහන් කරන්නේ.

තියුණු ආයුධ සමඟ නිවාස කිහිපයකට පහරදීම සඳහා ආවා කල්ලියේ පිරිසක් පැමිණෙන බවට මනිපායි පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් විසින් හදිසි වාහන පරීක්ෂාවක් සිදුකරමින් සිටි අතරතුර යතුරුපැදි 3 කින් ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයන් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබෙනවා.

එම අවස්ථාවේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට කඩුවලින් පහරදීමට උත්සාහ කර ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

කෙසේ නමුත් ඔහු සමඟ පැමිණි අනෙක් පස්දෙනා යතුරුපැදිවලින් පලාගොස් ඇති අතර ආවා කල්ලි සාමාජිකයන් සතුව තිබූ කඩු 3 ක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.