Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සීනි, යූරියා සහ යීස්ට් යොදාගනිමින් නිපදවන රා, අරක්කු සහ විනාකිරි වලටත් - කෘතීම මත්පැන් මාෆියාවේ භයානක කතාව (VIDEO)

2455Views

රා වලට ඇති ඉල්ලූම නිසාත් එය වෙනත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා නිසාත් මේ වනවිට ස්වභාවිකව පොල් මලින් පෙරා ගන්නා රා වෙනුවට කෘති‍්‍රම රා නිපදවීමට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා. ඒ අනුව එහි ඇති භයානකත්වය පෙන්වා දෙමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ අදාළ ක්‍රියාවලිය සඳහා සීනි, යූරියා සහ යීස්ට් යොදාගනිමින් ඒවා කලවම් කර පැසීමට ලක් කිරීමෙන් මෙම විෂ සහිත සාන්ද්‍රණය නිෂ්පාදනය කරන බවයි.

එසේම මෙම පැසීමේ කි‍්‍රයාවලිය කඩිනම් කිරීම සඳහා කටු කම්බි සහ පරණ දුරකථන බැටරි භාවිතා කරනු ලබන අතර 
මෙම කෘති‍්‍රම රා වල අධි සාන්ද්‍රීය ඇමෝනියා අඩංගු බවද ඔහු පෙන්වා දුන්නා. ඒ අනුව මෙම කෘත‍්‍රිමව සාදා ගනු ලබන රා තැබෑරුම් රා ලෙස සහ ඇතැම් දෙනා අරක්කු නිෂ්පාදනය සඳහා ද යොදා ගන්නා බවත් ඒ අතර තවත් පිරිසක් විනාකිරි නිපදවීම සඳහාත් භාවිතා කරන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

වකුගඩු රෝග වලට අතවනන මෙම  නීති විරෝධී කෘති‍්‍රම රා නිෂ්පාදනයට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන අතර සුරාබදු දෙපාර්තමේන්තුවට මෙවැනි කෘති‍්‍රම රා නිෂ්පාදනය වැටලීම සඳහා  නීතිමය ප‍්‍රතිපාදන නොමැති බව පවසනන බවද එම මාධ්‍ය හමුවේදී ඔහු පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුව පහතින්.