Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

රාජපක්ෂ නමක් සමඟ ජනපති අපේක්ෂකත්වයට පොහොට්ටුවෙන් නම් පහක් - අපේක්‍ෂකයා තේරීමේ වගකීම මහින්දට

3524Views

ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින අපේක්‍ෂකයා තේරීමේ වගකීම විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත එම පෙරමුණේ පක්‍ෂ නායකත්වය විසින් පූර්ණ එකඟතාවක් මත බලය පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා පවසනවා. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා යෝජනා වූ නම් පහක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට භාර දී ඇති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

අද (21)  දහවල් ඇඹිලිපිටියේ පැවති  මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිළි කළා.

“ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකත්වයට නම් පහක් යෝජනා වී තිබෙනවා. මේ නම් පහෙන් සුදුසු නම තෝරා ගැනීමේ බලය පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ඒකමතික  තීන්දුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට බලය දුන්නා. දැන් ඒ නම් පහ මහින්ද රාජපක්‍ෂ මහතා අතේ තියනවා. සුදුසු නම තෝරලා  අගොස්තු 11දා එතුමා ප‍්‍රසිද්ධ කරයි. රාජපක්‍ෂ නමකුත් ඒ අතර තියෙන්න පුළුවන්

එක්සත් ජතික පක්‍ෂයට අද ජනාධිපති අපේක්‍ෂකයෙකු තෝරාගත නොහැකිව අගමැතිවරයා පඹගාලක පැටලී තිරුපති ගොස් දෙවියන්ගෙන් අසන්න සූදානම් වන බවට තොරතුරු තියෙනවා.

අපි රනිල් අගමැතිතුමාට කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා තෝරන්න මහජන මුදල් හෝ වෙන මුදල් වැයකර තිරුපති යන්න එපා කියලයි. විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහත්තයා හමුවෙලා ඒ ක‍්‍රමය අහගන්න කියලා ආරධනා කරනවා’’