Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘අපේ නායකයින්ගේ කොන්ද පණ මදි - වැඩක් බලාගෙන යන්න මේක කරන්න පුළුවන් කෙනෙකුට දීලා‘‘ කාදිනල් හිමියන්ගෙන් දැඩි විවේචන

1854Views

ලොවම කම්පා කළ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී අදට තෙමසක් ගතවනවා. එසේම ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවුන  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයද අද (21) විවෘත කළ අතර එම අවස්ථාවේ දී දේශපාලන නායකයින්ගේ ක්‍රියා කළාපය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ දැඩි විවේචනයට ලක්වුනා.

අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාර මාලාව ජාත්‍යන්තර වුවමනා එපාකම් වෙනුවෙන් රට අස්ථාවර කිරීමට සිදුකළ ප්‍රහාර මාලාවක් බව ප්‍රකාශ කළ කාදිනල් හිමියන් එහිදී වැඩිදුරටත් මෙලෙස  අදහස් දැක්වුවා.

‘‘මේක මේ නොමග ගිය තරුණයො පිරිසක් අල්ලගෙන ජාත්‍යන්තර ඕනෑ එපාකම් පිරිමහ ගන්නට,මේ රට අස්ථාවර කරන්නට මේ රටේ ඒ ගොල්ලන්ගේ ඕනෑ එපා කම් සාර්ථක කර ගන්න කෝලාහාලයක් ඇති කරන්න කරපු ප්‍රහාරයක්. මුස්ලිම් මිනිස්සු මේකට වගකියන්න ඕන නෑ. මම මේ අවස්ථාවෙ කියන්න ඕන අපේ නායකයන්ට කොන්ද පණ මදි. මෙහෙම නෙමෙයි ඒ ගොල්ලො වැඩ කරන්න ඕන.

විදේශීය බලවේග වලට මේ අපේ රටට අත පොවන්න දෙන්න බෑ. මේ භූමිය ශුද්ධ වූ භූමියක්. මේ භූමියේ සශ්‍රීක භාවය ශක්තිමත් කරන්නට අපිට උදව් කරන්න. කකුලෙන් අදින්න එපා. ඉතාමත්ම ශක්තිමත්ව තිබුණු බුද්ධි අංශය විනාශ කළා. ඒ විනාශ කරන්නට කටයුතු කලේ ජාත්‍යන්තරයේ ඕනෑ එපාකම් පිරිමහන්න.

වනාතවිල්ලුවෙදි මේ අන්තවාදීන් අහුවෙච්ච වෙලාවෙ කිසිම දෙයක් කරේ නෑ ඒ ගැන. ඒ අයව නිදහස් කරලා ඇරියා. ඒ වගේම මාවනැල්ලෙදි බුදුපිළිම කඩපු වෙලාවෙ ඒකට අල්ල ගනිපු මිනිස්සු නිදහස් කරලා ඒකට ඔත්තු දුන්න මිනිහට වෙඩි තියලා දැම්මා. මේවා ඔක්කොම යට ගැහැවුවා දේශපාලන නායකත්වය.

දැන් ඔබ මේ රෝද පුටුවකට නැත්තම් ඇඳකට සීමා වෙලා තියෙන්නෙ මේ කිසිම ප්‍රතිපත්තියක් නැති දඩබ්බර නායකයින්ගෙ වැරදි වැඩ නිසයි.ඒ නිසා දැන් කාලය ඇවිල්ලා තියෙනවා මේ ඔක්කොටම ගෙදර යන්න කියලා. වැඩක් බලාගෙන යන්න මේක කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න.‘‘