Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කුසුම් පීරිස් දිවි ගමනට සමුදෙයි

2149Views

ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව පසුවූ ඇය, නිවසේ සිට රෝහලක් කරා රැගෙන යමින් සිටියදී ඊයේ (21) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ.

අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, සිතුවිලි සිරවී හදවත පතුලේ මෙන්ම ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ඇතුළු ජනපි‍්‍රය ගීත රැසක් කුසුම් පීරිස් මහත්මිය විසින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දායාද කර තිබෙනවා.

එසේම ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය බොහෝ ශ්‍රාවක ප‍්‍රසාදයට පත්වුණා. 

අභවප‍්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ. 

 

කුසුම් පීරිස් විසින් රචනා කළ ජනප්‍රිය ගීත කිහිපයක්