×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඕනම පරිගණකයක් වෛරස් වලින් ආරක්ෂා කරගන්න සුපිරි විසඳුමක් මෙන්න

4962Views

මේ දවස්වල අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ එහෙමත් නැත්තම් Cyber Crimes ගැන ගොඩක් කතා බහට ලක්වෙනවා. මේ නිසා විවිධ ගැටළු වලට මුහුණ දුන් බොහෝ පිරිසක් අප අතර ඉන්නවා. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය ගණුදෙනු වලදි ආරක්ෂක උපක්‍රම අනුගමනය නොකිරීම ලොකු ප්‍රශ්න රැසකට අත වැනීමක් වෙන්න පුළුවන්.

අපි ඉහත කතා කරපු දේවල් වලින්  ආරක්ෂා වෙන්නනම් අපිට තියෙන හොඳම හා විසඳුම තමයි වෛරස් ගාර්ඩ් එකක් පාවිච්චි කරන එක. හැබැයි වෛරස් ගාඩ් එකක් දාන්න ගියාම  මැෂින් slow  වෙයිද කියන ප්‍රශ්නය වගේම තවත් ගොඩක් ප්‍රශ්න ගැන හිතන්න වෙනවා.

ඉතිං ඒ හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙන Quick Heal Internet Security පාවිච්චි කළොත් කිසිම බයක් සැකක් නැතිව Cyber Crimes, Computer Virus වලින් ආරක්ෂා වෙලා අන්තර්ජාලයේ සැරිසරන්න වගේම ඔබේ පරිගණකයේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්. 

Quick Heal Internet Security  කියලා කියන්නෙ මේ වෙද්දි ලෝකයම පිළිගත්ත වෙළඳ සන්නාමයක්. ඉතිං ඒ නිසාම මේ සුවිශේෂී නිෂ්පාදනය ගැන අපි ඔබට කියන්න හිතුවා.

වෛරස් ගාර්ඩ් ගැන කතා කරනකොට ගොඩක් අය අහන ප්‍රශ්න තමයි

  • වෛරස් ගාර්ඩ් දාපුවහම මැෂින් slow වෙයිද?
  • මගේ මැෂින් එක ටිකක් පරණයි , මේකට වෛරස්  ගාර්ඩ් එකක් දාන්න පුලුවන්ද? RAM  එක 512MB වගෙ අඩු එකක් ඇතිවෙයිද? Windows Update කරන්න වෙයිද?
  • Software එක බර වැඩිවෙයිද?
  • Installation process එක සංකීර්ණයිද?
  • වෛරස්  ගාර්ඩ් එකෙන් ලබාදෙන ආරක්ෂාව කොහොමද?
  • ප්‍රශ්නයක් අාවොත් tech Support ගන්නේ කොහොමද ?

ඉතින් අපි බලමු Quick Heal වයිරස් ගාර්ඩ් එකත් එක්ක මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ කොහොමද කියලා.

වෛරස් ගාර්ඩ් දාපුවහම PC එක slow  වෙයිද?

Quick Heal Internet Security ගැන කතා කරනකොට එහි තියන විශේෂත්වය තමයි මේ වෛරස් ගාර්ඩ් එක windows XP Operating System එකේ සිට ඊට පස්සේ ආපු සේරම Windows OS වලට දන්නා පුළුවන් වෙන විදියට  හදලා තියෙන එක.  ඉතින් වෛරස් ගාර්ඩ් එක  දාපුවහම මැෂින් slow  වෙයිද කියලා බය වෙන්න දෙයක් නැ.

  • Windows 2000 SP 4
  • Windows XP SP 2
  • Windows Vista
  • Windows 7
  • Windows 8.1
  • Windows 8
  • Windows 10

මේ ඕන operating System එකකට බය නැතුව දාන්න පුළුවන් වගේම Windows Update කරන්න කරදර වෙන්න දෙයක් නෑ.

මගේ මැෂින් එක ටිකක් පරණයි , මේකට වෛරස් ගාර්ඩ් එකක් දාන්න පුලුවන්ද? RAM  එක 512MB වගෙ අඩු එකක්  අැතිවෙයිද? Windows Update කරන්න  වෙයිද?

ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ තාම 50% විතර භාවිතා කරන්නේ ටිකක් පරණ Used Computers. ඉතින් ඒ වගේ computers වලට  වෛරස් ගාර්ඩ්  දාන්න ටිකක් අපහසුයි.

  • Processor එක මදි
  • වෛරස් ගාර්ඩ් දාපුවහම මැෂින් slow වෙනවා
  • RAM  එක මදි
  • Virus Infect වෙලා තියෙන්නෙ දැනටම
  • OS එක පරණයි.Windows Update කරන්න  කියනවා

Quick Heal Internet Security  වයිරස් ගාර්ඩ්  එක install කරන්න අවම 1 GHz Processor එකක් තිබුනහම ඇති. Quick Heal Internet Security  එක ගත්තහාම   windows 2000 SP 4 ඉදන් Windows 10  වෙනකන් දාන්න පුළුවන් විදියට  ඉතාමත් සැහැල්ලු  විදියට තමයි මේක හදල තියෙන්නේ. ඒ වගෙම මැෂින් slow වෙන එකත් අවම වෙනවා. ඒ විතරක් නෙමෙයි Windows Update කරන්න කියන ගැටලුව පැනනගින් නෑ.

RAM එක පිළිබද කතාකරන කොට Windows 2000 SP 4 හෝ Windows XP SP 2 සඳහා 512 MB තිබිම ප්‍රමාණවත්. එ වගේම Windows Vista , Windows 7, Windows 8.1, Windows 8, Windows 1-32- Bit සඳහා 1GB  හා 64- Bit සඳහා 2 GB අවශ්‍ය වෙනවා

දැනටම Virus Infect වෙලා තිබුනත් Quick Heal වයිරස් ගාර්ඩ්  එක install කරන කොටම ඒ සේරම clean කිරීමේ හැකියාව තියනවා. වෙන වෙන tools download කර කර කරදර වෙන්න දෙයක් නැ.

 

Installation process  එක සංකිර්ණයිද?

ඉතාමත් සරල පියවර කිහිපයකින් software එක install කරගන්න පුළුවන්.විවිධ සංකීර්ණ ක්‍රියාවලියක් මෙහි නැ.

Pack එකත් එක්ක එන CD එක PC එකට ඇතුලත් කරලා එන සරල පියවර කිහිපයෙන් Software එක දාගන්න පුළුවන්.

Quick Heal Internet Security  එකෙන් ලැබෙන ආරක්ෂාව කොහොමද?

Quick Heal Internet Security සතු key features ලෙස පහත දෑ හඳුන්වන්න පුළුවන්.

  • Ransom ware Protection
  • Safe Banking
  • Parental Control
  • Malware Protection
  • Web Security
  • Email Security
  • Advanced DNAScan
  • Browser Sandbox
  • Vulnerability Scan
  • TrackMyLaptop

 

ප්‍රශ්නයක් අාවොත් Tech Support ගන්නේ කොහොමද ?

දශකයකට අදික කාලයක් IT field එකේ ඉන්න Avian Technologies (Pvt) Ltd තමයි Quick Heal Internet Security ඔබ වෙත ගෙන එන්නේ.  Quick Heal Internet Security විතරක් නෙමෙයි corporate sector එක හොදටම දන්න Sophos, Veritas, 24online, Spam Titan වගේ ලෝකයම පිළිගත් සන්නාම වල ශ්‍රී ලංකාව හා මාලදිවයින සදහා Authorized Distributor වෙන්නෙත් මේ අයම තමයි.

ඉතින් ඒ නිසා ඔබට මතුවන ඕනෑම ගැටලුවකට  පැය 24 පුරා සහය ලබා දෙන්න Avian Technologies Tech Support Team එක සූදානමින් ඉන්නවා.

තාක්ෂණික අංශය - 077 7 447733  |  tech@avian.lk

‍වෙළඳ අංශය -  076 9447744 | sales@avian.lk