Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පාකිස්ථානයේ ආරක්ෂක තත්වය බලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයන් පිරිසක් පාකිස්ථානයට යයි

1237Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් අගෝස්තු මාසයේදී පාකිස්තානයට පැමිණීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය  සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා බැලීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාකිස්තානයට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස පාකිස්තානයට පැමිණීමට නියමිත දිනය ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත බවද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිල ට්විටර් ගිණුම සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.


 

YOU MAY ALSO LIKE