Thursday, October 17, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත්" එජාප ප්‍රබලයෙක් ගෙනා යෝජනාව තවත් ප්‍රබලයෙක් ස්ථිර කරයි.!

2881Views

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා විය යුතු යැයි ඊයේ (22 වැනිදා) පැවැති ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී යෝජනාවක් සම්මත වූ බවට මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවන්ට අනුව එජාප සභාපති ඇමැති කබීර් හෂීම් විසින් යෝජනා කර ඇති අතර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර එම යෝජනාව ස්ථිර කර තිබේ.

එහිදි ඉදිරියේදී ඉතා කඩිනමින් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් එකවර රැස්කර මීළඟ ජනාධිපති අපේක්‍ෂකයා ගැන නිල වශයෙන් තීරණයක් ගන්නා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පවසා තිබෙන බවත් සඳහන්.

මෙම යෝජනාව ගැන සජිත් පේ‍්‍රමදාස ඇමැතිවරයාද අදහස් දක්වා ඇති අතර පක්‍ෂය විසින් පවරනු ලබන ඕනෑම වගකීමක් භාර ගැනීමට සූදානම් බවද පේ‍්‍රමදාස ඇමැතිවරයා පවසා තිබෙන බවත් එම වාර්තාවන්හි දැක්වේ.

මේ අතර කණ්ඩායම් රැස්වීම අවසානයේ අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ එම ජනපතිවරණ අපේක්ෂකයා පිළිබඳ යෝජනාව ඒකමතිකව සම්මත වූ බවයි.

YOU MAY ALSO LIKE