Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"හිරේට දාද්දි සරසවි චන්ඩීන් පොලීසිය හමුවේ හඬා වැටෙයි" රුහුණේ ලිංගික නවකවද භීෂණය වැපිරූ 19ක් ඇතුලට.!

24571Views

රුහුණ විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරමින් අමානුෂික ලෙස නවකවදය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාතර මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වීමෙන් පසු එම සිසුන් පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ. ඒ 1998 අංක 20 දරණ නවක වධ පනත යටතේය.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කිරීමට යාමෙදි ඔවුන් පොලිස් නිළධාරීන් ඉදිරියේ දැඩි ලෙස කලබල වී හඬා වැටී තිබෙන බවද වාර්තා වේ. එහිදි එක් සිසුවෙකු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී අසනීප වී තිබුණි.

එහිදි බන්ධනාගාර නිළධාරීන් ක්‍රියාත්මක වී ගිලන් රථයක් ගෙන්වා අදාල සිසුවා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කළේය. බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පැවසූවා .

මෙම චූදිත ශිෂ්‍යයන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති 22 හැවිරිදි සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවකවදය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

ඒ අනුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන් 19 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

නවකවදයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය. ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබුණි.