Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ගෝඨාභය රාජපක්ෂ නිහඬ ක්‍රියාකාරී පුද්ගලයෙක්‘‘ ගෝඨා ගැන මහින්ද සහතිකයක් දෙයි

2273Views

ගෝඨාභය රාජපක්ෂ මහතා  නිහඞ ක්‍රියාකාරී පුද්ගලයෙකු බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාරයන් ගෙනගිය ද ඔහු නරක පුද්ගලයෙකු නොවන බවත්  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබුණා.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා ද යන්න පිළිබදව මෙහිදි ඉන්දීය මාධ්‍යවේදීයා විමසා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා සිතන පරිදි එය ජනතාව තීරණය කර ඇති බවයි. එසේම  ගෝඨාභය රාජපක්ෂ මහතා මුස්ලිම් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කළ බවට පැතිර යන ප්‍රකාශ විපක්ෂය විසින් ගෙනගිය අසත්‍ය ප්‍රචාරයක් බවත් මේ වන විට එය මුස්ලිම් ජනතාව තේරුම්ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පසුගිය 2015 ජනාධිපතිවරණය පරාජයට හේතුව ඉන්දීය රෝ සංවිධානය බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද  ඉන්දීය මාධ්‍යවේදීයා එහිදී ප්‍රශ්න කර තිබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා සඳහන්කර ඇත්තේ එය අතීතය බැවින් මේ වන විට එම සිදුවීම් අමතක කර වෙන කවරදාටත් වඩා දෙපාර්ශවය අතර එකිනෙකා හොදින් තේරුම්ගෙන කටයුතු කරන බවයි.