Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රාජපක්ෂ කඳවුරේ සිටිනා දුර්වලම පුද්ගලයා ගෝඨාභයයි" ගෝඨාට ජවිපෙන් ප්‍රහාරයක්.!

2925Views

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පාර්ශ්වයේ දුර්වලම අපේක්ෂකයා බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසනවා. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට පරිපාලන විනයක් හෝ මූල්‍ය විනයක් නොමැති බව පසුගිය කාලයේ ඔහු විසින් ඔප්පු කර ඇති බව පැවසූ විජිත හේරත් මන්ත්‍රීවරයා රාජපක්ෂ කඳවුරේ දුර්වලම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට රට වෙනස් කළ හැකි යැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බව කියා සිටියේය.

අලූත් අපේක්ෂකයකු රටට ඉදිරිපත් කරන බව මාස තුනක් තිස්සේ කී පොදුජන පෙරමුණ පෙරේදා (11 වැනිදා) ඉදිරිපත් කළ අපේක්ෂකයා මාස ගණනක් තිස්සේ කතා කළ පරණ අපේක්ෂකයකු බවද මන්ත්‍රීවරයා පැවසීය.

රට මෙතරම් අගාධයකට වැටී ඇත්තේ බොහෝ පිරිසක් දේශපාලනය තමන්ගේ බූදලයක් කරගෙන තිබීම නිසා බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.