×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මුහුදේ ගිලෙන්න ගිය විදේශිකයන් දෙදෙනෙකුගේ ජීවිතය බේරා ගත් අපේ වීරයෝ

2052Views

දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU)  ඊයේ (12)  සමත් වුනා. විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිටි ‍විදේශිය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය නාමින් සිටි අවස්ථාවේදී එම පිරිස අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සැඩ පහරට හසුවී මෙලෙස දියේ ගසාගෙන ගොස් තිබෙනවා. 

එම අවස්ථාවේදී  දෙවුන්දර දෙවාලයේ මංගල්‍යට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් කඩිනමින් ක්‍රියාත්මකවී එම පුද්ගලයින් දෙදෙනා නිරුපද්‍රිත ලෙස බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස බේරාගත් පුද්ගලයින් දෙදෙනා රුසියානු ජාතික පුද්ගලයින් බව හඳුනාගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 28 සහ 47 වන වියෙහි පසුවන බවයි වාර්තා වන්නේ.

එසේම මෙම නිවාඩු සමයේ දිවයින වටා වූ වෙරළ තීරය සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් හා ගංඟාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදා ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවිමට කටයුතු යොදා ඇති අතර සංචාරකයින්ගේ ජිවිතාරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිනවා.