×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"රටේ ආරක්‍ෂාවේ ප‍්‍රශ්ණය හරියට තේරුම් ගත්තු නිසා පොහොට්ටුව ගෝඨාභය ගෙනාවා" - ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා.!

5060Views

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

අද වනවිට රටේ ඇති ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගත් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට එම පාර්ශවය ඉහළ ඉල්ලුමක් ආ බවද ෆොන්සේකා මහතා පැවසීය. එම පාර්ශවය සිතන ආකාරයට ඔවුනට සිටින ඒ සදහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්‍ෂ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් ඇති බවත් ඒ තේරුම් ගත් නිසා ගෝටාභයට ඒ පැත්තෙන් විශාල ඉල්ලුමක් පැමිණි බවත් පැවසූ ඔහු එක්සත් ජාතික පක්ෂය මෙම තත්වය තේරුම් නොගතහොත් ජනතා ආශිර්වාදය ගැනීමට නොහැකි වනු ඇතැයිද වැඩි දුරටත් අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය.