×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඇමතිවරුන්ගේ කම්මැලිකම උපරිමයි" අදත් කැබිනට් රැස්වීම ආරම්භයේදි ඇමතිවරු පහයි.!

3124Views

කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්වුනා.

කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත්තේ පෙරවරු 7.30 ටයි. කෙසේවෙතත් කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ඊට සහභාගි වී සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එම හේතුව නිසාම දුර බැහැර සිටින අමාත්‍යවරුන්ට උදෑසනින් කැබිනට් රැස්වීමට සහභාගිවීමට ඇති අපහසුතා සලකා කැබිනට් මණ්ඩල රැස්වීම පෙරවරු 8.30 ට ආරම්භ කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කෙසේවෙතත් කැබිනට් රැස්වීම උදැසනින්ම පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අදහස් පළ කරමින් සඳහන් කළේ "දැන් මං අපේ ඇමති මණ්ඩලයටත් මේ දවස්වල උගන්වනවා උදේම නැඟිටින හැටි.  ඉස්සර ඇමති මණ්ඩලය රැස් වුණේ උදේ 9.30ට. දැන් රැස් වෙන්නේ උදේ 7.30ට. කැබිනට් එක පටන් ගන්නකොට ඉන්නේ පස් දෙනයි හය දෙනයි. ඉතින් පේනවා දවල් වෙනකම් නිදා ගන්න අය කොච්චර ඉන්නවා ද කියලා." යනුවෙනි.

කෙසේ වෙතත් මෙරට පොදු ප්‍රවාහනය භාවිතා කරන මහජනතාව සිය කාර්යාල කටයුතු අවසන් වී දැඩි තදබදයකින් පොදු ප්‍රවාහනයන්හි ගමන් කරමින් නිවසට ගොස්, පසුදා උදයේම නැවතත් සිය රාජකාරියට වාර්තා කරන පසුබිමක මහජනතාවගේ බදු මුදලින් සැප වාහන හිමිව තිබෙනා අමාත්‍යවරුන්ට උදෑසන 7:30ට කැබිනට් රැස්වීමට පැමිණීමට නොහැකි වීම සමාජජාලාවන්හි දැඩි විවේචනයට ලක්ව තිබේ.

සමාජජාලා ක්‍රියාකාරිකයන් පවසන්නේ මහජනතාව වෙසෙමින් උපයනා මුදලින් බදු ගෙවා නඩත්තු කරන්නේ මෙවන් වගකීම් විරහිත, අකාර්යක්ෂම ඇමති මණ්ඩලයක්ද යන්නයි.