Wednesday, December 11, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"තාත්තා තමයි කොටින්ට ආයුධ දුන්නේ, පොහොට්ටුව හරිම තීරණය අරන් ගෝඨා ගෙනාවා" ෆීල්ඩ් මාර්ෂල්ගෙන් ඇමති සජිත්ට ප්‍රහාරයක්.!

3516Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ ගැටලුව තෝරා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස නම් කර තිබෙන බව ෆීල්ඩ් මාර්ෂල්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා එම අදහස් දැක්වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කොටි ත‍්‍රස්තවාදීන්ට ලබාදුන් අවි ආයුධවලින් ශ‍්‍රී ලංකා හමුදා බලය දුර්වල කල බවද ඔහු පැවසීය. ඒවායෙන් පහර දී හමුදා කඳවුරු කොටි ත්‍රස්තයන් අත් කර ගත් බවත් එම නිසා පියා මග යෑම භයානක බවත් ෆීල්ඩ් මාර්ෂල්වරයා පැවසීය.

එම නිසා රටට අවශ්‍ය විනයගරුක, හැදියාවක් සහිත නායකයෙක් බවද සරත් ෆොන්සේකා මහතා තව දුරටත් සදහන් කලේය.