Sunday, August 18, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මගේ දේශපාලන ගමන තීරණය වෙන්නේ තව කෙනකුගේ අපේක්‍ෂකත්වය මත නොවේ" - ඇමති සජිත්

1179Views

සිය දේශපාලන ගමන සහ අනාගතය තීරණය වනුයේ ප්‍රතිවාදී අපේක්‍ෂකය මත නොවන බව ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. පසුගියදා (13 දා) අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

ප්‍රධාන විපක්ෂය විසින් සිය ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර ගැනීම පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එලෙසින් පැවසූවා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ,

‘‘ඇත්ත වශයෙන්ම අපේ ඉදිරි ගමන තීන්දු වෙන්නේ අපේ ප‍්‍රතිපත්ති, අපේ දර්ශනය, අපේ වැඩපිළිවෙළ, අපේ ප‍්‍රතිවාදීන්ගේ පැත්තෙන් අහවලා ඉදිරිපත් වෙනවද? මේ පුද්ගලයා ඉදිරිපත් වෙනවද? කියන කාරණාව මත නොවෙයි. ඒක අපේ දේශපාලන ගමනට සැලකිය යුතු සාධකයක් නොවෙයි" යනුවෙනි.