Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

විශේෂ කාරක සභාවට එන්නැයි ජනපතිට දැනුම්දෙයි - මගහැරියොත් ජනාධිපති නීතිය හමුවට...?

2380Views

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ කාරක සභාව මග හැරියහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ බව තහවුරු කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය දා  සඳහන් කළේ ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ඇති නිසා මෙම නීතිමය පියවර ගත හැක්කේ එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව බවයි.

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වූ පසු මුක්තිය අහිමි වන අතර මෙවර ජනාධිපතිවරණයෙන් පසු අලුත් ජනාධිපතිවරයෙක් පත් වුවත් පාර්ලිමේන්තුව තවත් මාස කිහිපයක් ඉදිරියට යන බැවින් එම කාලය තුළ වරප්‍රසාද කමිටුව හමුවට මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

පාස්කු දින ප්‍රහාරය පිළිබඳව කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති අතර ඒ සඳහා මෙම 20 දින සිට 23 දා දක්වා කැමැති දිනයක් සහ වේලාවක් තෝරා ගත හැකි බවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රවීණයකු වන නීතිඥ ක්‍රිස්ටල් වර්ණසූරිය මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ කාරක සභාවක් හමුවට පැමිණෙන ලෙසට විධායකයට නියෝග කිරීම ව්‍යවස්ථාදායකයට හැකියාවක් නැති බවයි. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුන එකකට එකක් අබිබවා නොයන බැවින් විධායකය කැඳවීමට පාර්ලිමේන්තුවට නොහැකි බවද ඔහු සඳහන් කරනවා.

 

YOU MAY ALSO LIKE