Monday, February 17, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කාබුල් අගනුවර මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් - 63 ක් මරුට (VIDEO)

2460Views

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මංගල උත්සවයක් පැවති උත්සව ශාලාවකට එල්ලවූ  මරාගෙන මැරෙන බෝම්බ පුහාරයකින් පුද්ගලයින්  63 දෙනෙකු මියගොස් තවත් 180කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාබුල් අගනුවරට බටහිරින් ෂියා මුස්ලිම් වැසියන් බහුතරයක් වාසය කරන ප්‍රදේශයකදී මෙම බෝම්බය පුපුරාගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර මෙම ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ.

ඇෆ්ගනිස්තානයේ සහ පකිස්තානයේ වාසය කරන ෂියා හසාරා වාර්ගිකසුළු ජාතික ජන කොටස නිතර තලෙයිබාන් අයි එස් ඇතුළු  සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ ප්‍රහාරවලට ලක්වන අතර මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශවයක් විසින් මෙතෙක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.