Monday, February 17, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හිස් වූ ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය චන්ද්‍රිකාට ?

2259Views

පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ආසන සංවිධායකවරුන් පිරිසක් විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මන්තී‍්‍ර ධුරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඇයට ලබා දෙන ලෙස කථානායකවරයාට දැනුම් දෙන ලෙස ද එමගින් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳව විශේෂ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහා සමුළුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් වාර්තා වේ.