Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දින හතක් තුළ එජාප ජනපතිවරණ අපේක්ෂකයා නම් කරන්න - එජාප මන්ත්‍රීවරු 55කගේ අත්සනින් රනිල්ට ලිපියක්.!

1265Views

ඉදිරි ජනපතිවරණය උදෙසා එජාපයේ ජනපති අපේක්ෂකයා තෝරා ගැනීම සදහා වූ අර්බුධය උග්‍ර වී තිබෙන බව වාර්තා වේ.

මේ අතර එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා දින 7 ක් තුළ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්තී‍්‍රවරුන් 55 කගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ඊයේ (19) භාර දී තිබෙන බව වාර්තා වේ.

ඉහත ලිපිය භාර දීම ඊයේ (19) පෙරවරුවේ සිදුවූ අතර පස්වරුවේ පැවති ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්තී‍්‍රවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කර එහි තීන්දුව අනිද්දා (21දා) දැනුම් දෙන බව අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.

ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.

අදාළ ලිපියට මන්තී‍්‍රවරුන්ගෙන් අත්සන් ගැනීම පසුගිය සතිය පුරා සිදු කෙරුණු අතර එය පසුගිය සිකුරාදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් එම ලිපිය ඊයේ (19) පෙරවරුවේ භාර දීමට අදාළ මන්තී‍්‍රවරුන් කටයුතු කර තිබිණි.
 

YOU MAY ALSO LIKE