Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නොසිතූ මොහොතක පැරිෂුටය ක්‍රියාත්මක නොවී ජීවිතයට සමුදුන් රණවිරුවා (VIDEOS)

4761Views

අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා නිලධාරියෙකු පැරෂුටය ක්‍රියාත්මක නොවීමෙන් ඇද වැටී මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ කුඩාඔය කමාන්ඩෝ යුද හමුදා පුහුණු පාසලේ බළලත් නිලධාරියෙකු ලෙස කටයුතු කළ චම්පික කුමාරසිංහ නමැති හමුදා නිලධාරියෙක්.

අද (20) පෙරවරු 8.00ට පමණ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී අදාළ යුද හමුදා නිලධාරියා පැරෂුට් පුහුණුවේ නිරතව වී ඇති අතර එහිදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඇදවැටී තුවාල ලබා තිබෙනවා. පසුව ඔහුව අම්පාර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු පසුගිය නිදහස් උළෙල වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති සැමරුම් උත්සවයේ පැරිෂුට් සංදර්ශනයටද සහභාගී වුනා.

 

YOU MAY ALSO LIKE