Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දින 10 ක් තුළ අපේක්ෂකයා නම් කරන්න - එජාපයේ පසුපෙළින් රතු එළියක්

940Views

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මේ වන විට ඇති වී තිබෙන්නේ අර්බුධකාරී තත්වයක්. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයටකට පිළිතුරු ලබා දෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ ඉදිරි දින 10 ඇතුළත තීන්දුවක් නොගතහොත් රතු එළි දැල්වීමට සිදුවන බවයි.  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට වසර 4 ක් සපිරීම නිමිත්තෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අරලියගහ මන්දිරයේදී පැවැත්වූ භෝජන සංග්‍රහයට සහභාගි වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළා.

එසේම  ජනාධිපති අපේක්ෂකත්වය සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස ඉල්ලා මාතර ජන රැළියක් පැවති දිනයේදීම මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබීම විශේෂත්වයක් වන අතර ඒ සඳහා සජිත් ප්‍රේමදාස,මංගල සමරවීර, දිලීප් වෙදආරච්චි ඇතුළු ඊයේ මාතර රැළියට එක්වූ තවත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී වී නැහැ.

කෙසේ නමුත් මාතර රැළියට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ඇතුළු මැති ඇමතිවරුන් බහුතරයක් ඊට සහභාගි වී සිටි අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් මෙන්ම ආණ්ඩුව නියෝජනය නොකරන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද අග්‍රාමාත්‍යවරයාගේ  භෝජන සංග්‍රහයට සහභාගි වී සිටියා. 
 

 

YOU MAY ALSO LIKE