Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දරුවන් දෙදෙනාට වස පොවා පියා ගෙල වැළලාගනී - දරුවන් දෙදෙනාත් රෝහලේදී මිය ගිහින්

2886Views

පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති ඛේදනීය පුවතක් උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම ප්‍රදේශයේ නිවසක් තුල අදාල පුද්ගලයා ගෙල වැළලාගෙන මියගොස් ඇති අතර වස පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ඔහුගේ දරුවන් දෙදෙනාද රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇති දරුවන් දෙදෙනා වයස අවුරුදු 13ක් හා 7ක් වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන අතර පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ උඩප්පුව පොලිසියේ නිලධාරීන් අදාළ නිවස කරා ගොස්  ගෙල වැළලාගෙන මියගොස් සිටි පුද්ගලයාගේ මෘත ශරීරය සොයා ගෙන තිබෙනවා. 

දරුවන් දෙදෙනාගේ සිරුරු මේ වන විට පුත්තලම මහ රෝහලේ තැන්පත් කර ඇති අතර උඩප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

 

 

YOU MAY ALSO LIKE