×
Tuesday, November 12, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොණ්ඩෙ කියන දේ අහලා ඔළුව නිදහස් කරගන්න

4142Views

කාන්තාවන් හැටියට අපේ එදිනෙදා ජීවිතේ තියෙන වගකීම් එකිනෙකට වෙනස්. පෙම්වතියක්,ගෘහණියක්, මවක් වගේම ඇතැම් වෙලාවට ගෙදර තියෙන වගකීම් ඔක්කොම ඔළුවෙ තියාගත්ත කෙනා වන කාන්තාවගේ  ඔළුවට බරක් වෙච්ච තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කොණ්ඩෙ ඇතිවෙන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න ගැන හරියට දැනගන්නනම් ඉතිං කොණ්ඩෙට ඇහුම්කන් දෙන්නම ඕන. ඔබේ කොණ්ඩෙ නිතරම වගේ ඒ ප්‍රශ්න ගැන ඔබට කියනවා. කොණ්ඩෙ කියන දේ නොසලකා හැරියොත් ප්‍රශ්න බරපතල අතට හැරෙන්න පුළුවන්. කොණ්ඩෙ කියන දේ හරියට තේරුම් ගන්න නම් කොණ්ඩෙ හැදිලා තියෙන විදිය ගැනත් දැනගෙන ඉන්න එක වැදගත්.

කොණ්ඩෙ හැදිලා තියෙන විදිහ ගැන කිසියම් අවබෝධයක් අපට තියෙනවනම් කොණ්ඩෙ සම්බන්ධ ගැටලු වලට විසඳුම් හොයා ගන්න ලේසියි. කොණ්ඩෙ හැදිලා තියෙන්නෙ හිසකෙස් ගොඩක් එකතුවෙලා කියන එක අපි කවුරුත් දන්නවා. මේ හිසකෙස්වල හැඩය ,පාට, දිග,ප්‍රමාණය සහ ස්වභාවය වගේ ලක්ෂණ කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම කෙස් ගහකම මූලික ව්‍යුහය එක සමානයි.

හැම කෙස් ගහක්ම හැදිලා තියෙන්නෙ මූලික ස්ථර තුනකින්. ඇතුළතින්ම තියෙන ඇසට නොපෙනෙන තරම් ඉතාම සියුම් සහ මෘදු ස්ථරය තමයි කෙස් ගහක ආධාරක කොටස හෙවත් මිදුළු කොටස හැටියට සැළකෙන්නෙ. ඒ ස්ථරයට පිටින් තියෙක කොටස ගණකමින් වැඩියි. බාහිකය කියන නමින් හැඳින්වෙන ඒ කොටස තුල මෙලනින් කියන වර්ණකය අඩංගු වෙනවා. මේ වර්ණක වලින් තමයි කෙස්ගස් වලට පාට ලැබෙන්නෙ.කෙස් ගහක මූලික පාට වර්ග හතරක් අඩංගු වෙනවා.

ඒ තමයි කහ,රතු,දුඹුරු සහ කළු කියන පාට වර්ග හතර. කාලයක් යනකොට කෙස් අළු හෝ සුදු පාටට හැරෙන්නෙ මෙලනින් නිපදවන සෛල විසින් ඒ වර්ණක නිපදවීම සම්පූර්ණයෙන්ම නවතා දමන නිසයි. හිස කෙස්වල හැඩය සහ ස්වරූපය හෙවත් හිසකෙස් රැළි ගැහිලද, එහෙමත් නැත්තම් කෙලින් පිහිටලා තියෙනවද  කියන කරුණු තීරණය කරන ප්‍රෝටීන වර්ග තියෙන්නෙත් මේ බාහිකය කියන ස්ථරය තුලයි.

කෙස් ගහක  පිටතින්ම තියෙන ස්ථරය හැඳින්වෙන්නෙ උච්චර්මය හෙවත් පිට සිවිය කියන නමින්. ඒක හරියට වහලක උළු හෙවිල්ලලා තියෙන විදියට පෙළගැහිලා තියෙන ගණ සෛල තට්ටුවකින් හැදුනු විනිවිද පෙනෙන ස්ථරයක්. හිස සේදීම, සබන් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු කේශාලේපන වර්ග ගැල්වීම නිසා කාලයක් යනකොට මේ ස්ථරයට හානි සිදුවෙලා සිදුරු ඇතිවීම වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙස් අග ඒ වගේ සිදුරු ඇතිවෙලා කැඩිලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඒ වගේ විවිධ හේතු නිසා හිසකෙස් සම්බන්ධ විවිධ ගැටලු ඇති වෙනවා. හුඟ දෙනෙක්ගෙ හිස කෙස්  වැටෙනවා. ඒ වගේම ලස්සනට තියන කෙස් ගස් අග පැලිලා යනවා. එහෙමත් නැත්තම් කොයිතරම් නෑවත් හැමදාම ඉස්සොරි. ඇස්දෙක පියාගෙන කොණ්ඩෙට ඇහුම්කන් දෙනවානම් එයා මෙන්න මේ ප්‍රශ්න ටික අපිට කියාවි. මෙන්න මේ වගේ කොණ්ඩෙ සම්බන්ධව තියෙන හුඟක් ප්‍රශ්න ඉක්මනට විසඳගන්න තරමටම ඔළුව නිදහස් වෙන නිසා  හැමෝටම බලපාන මේ පොදු ගැටලු වලට විසඳුමක් හොයාගන්න කියලා තමයි කොණ්ඩෙ අපට නිතරම කියන්නෙ.

මේ පණිවිඩය   වෙතින්