×
Wednesday, November 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රී ලංකාවේ "අයිඩියා" සමූහ ව්‍යාපාරය මියන්මාරයේත් ව්‍යාපාරික කටයුතු අරඹයි

4344Views

අයිඩියා සමුහ ව්‍යාපාරයට වසර 11 ක් පිරීමත් සමග ඔවුන්ගේ නිෂ්පාදන මියන්මාරයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු මියන්මාරයේ ආරම්භ කර ඇත.

මේ සමගම i-Roof හා i-Panel ඇතුළු අයිඩියා සමාගම නිපදවන සියලූ නිෂ්පාදන මියන්මාරය පුරා අලෙවි කෙරෙණු ඇත. මේ වන විට ලෝකයේ රටවල් 20 කට වැඩි ප්‍රමාණයකට idea නිෂ්පාදන අපනයනය කරනු ලබන අතර මියන්මාරය idea සමාගමෙහි පළමු ගෝලීය මෙහෙයුමයි.

මිට අමතරව ලෝකයේ  ආසියානු, අප්‍රිකා මෙන්ම මෙදපෙරදිග කලාපයන් තුලද idea නිෂ්පාදන ප්‍රචලිතව ඇත. ඉදිරි මාස කිහිපයේදී තවත් විදේශ රටවල් කීපයකටම ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර නයිජීරියාව, නැගනෙහිර ටිමෝරය, බංග්ලාදේශය, ඝානා, මලාවි, මැඩගස්කරය හා ඊජිප්තුවය ඒ අතර වේ.  

මේ පිළිබඳ අදහස් දක්වමින් එම සමාගමේ ‍ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, සම්පත් මායාකඩුව මහතා පැවසුවේ, i-Roof හා i-Panel යනු අයිඩියා සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් පෙරළිකාර නිෂ්පාදනයන් බවත් ලොව නවතම තාක්ෂණය හා අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිපදවන i-Roof හා i-Panel  මෙරට වහලය සෙවිලිකිරීම හා ගොඩනැගිළි අභ්‍යන්තර අලංකරණය සම්බන්ධයෙන් නවතාලයට සිතන කා අතරත් සැනෙකින් ජනප්‍රිය වූ බවත්ය. මෙරට වෙළඳපොලේ වැඩිම ඉල්ලුම හිමි i-Roof හා i-Panel සඳහා අප සමාගමේ මීළඟ ඉලක්කය වූයේ විදේශීය වෙළඳපොල ජයගැනීමයි. ඒ අනුව විදේශීය ඉදිකිරීම් ප්‍රදර්ශන රැසකට ඉදිරිපත්වීමෙන් ලොව ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් රැසක් අපේ විශිෂ්ට නිෂ්පාදන කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා. අපේ පළමු විදේශීය ගැනුම්කරුවා වූයේ ඉන්දියාවයි. අප දැන් මියන්මාරයටටත් අපේ නිෂ්පාදන අපනයන කරනවා. ළඟදීම තවත් රටවල් කිහිපයකටම අපේ නිෂ්පාදන අපනයනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ ඉමහත් ජනප්‍රියත්වයට පත් අපේ නිෂ්පාදන මගින් විදේශ වෙළෙඳපොල ජයගෙන එමගින් මෙරට ආර්ථිකය ගොඩනගන විදේශ විනිමය මෙරට ගෙන ඒමයි අපේ බලාපොරොත්තුවයි’ යන්නය.

ඕනෑම ආර්ථික පසුබිමකට සරිලන ලෙසින් ගෘහ අලංකරණ අවශ්‍යතාවන් ඉටුකරදීමට මේ වනවිට අයිඩියා සමූහ ව්‍යාපාරයේ දීප ව්‍යාප්ත ‘සිවිලිම’ ප්‍රදර්ශනාගාර 400 වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර, මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේපෙරළියක් ඇති කරමින් විශාලතම ප්‍රදර්ශනාගාර ජාලය බවට පත්වන්නේද ‘සිවිලිම’ ප්‍රදර්ශනාගාර ජාලය වේ.