Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පවුලටම ගමන් බිමන් යන්න රුපියල්  55,000 න් ජීප් රථයක් නිර්මාණය කල ගලේවෙල තරුණයා (PHOTOS)

5533Views

රුපියල්  55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ජීප් රථ නිපදවන අපූරු කාර්මිකයකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්කයාය ප්‍රදේශයේ දුෂ්කර ගමකින් වාර්තා වුනා. ඩී.එච්.එම්. සිසිර කුමාර නැමැති 36 හැවිරිදි මේ නිර්මාණ කරුවා කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට ඇලුම්කමක් දක්වා ඇති අතර ඔහු මේ වනවිට යතුරුපැදියක එන්ජිමක් යොදාගනිමින් පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.

මෙම අපූරු ජීප් රථය පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකි අතර මෙම ජීප් රථය සංචාරක කර්මාන්තය සඳහා ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බවයි මෙහි නිර්මාණකරුවා වන  සිසිර කුමාර මහතා ප්‍රකාශ කළේ.

ත්‍රිරෝද රථවලට යොදා ගන්නා ටයර් සහ ගරාජ් වලින් ඉවතලන විවිධ කොටස් සොයා ගනිමින් සාමාන්‍ය වාහනයක තත්වයේ ගුණාංග සහිතව මෙය නිර්මාණය කර තිබෙනවා. එසේම මෙතෙක් මෙම ජීප් රථය පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවුණු බවත් ඕනෑම අයකුට තම නිවසට පැමිණ මෙය පරීක්ෂා කිරීමට හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර තමන් නිර්මාණය කළ මෙම ජීප් රථයට ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට නොහැකි වුවද තම ප්‍රදේශයේ  ගමන් බිමන් යෑම සඳහා මෙය උපයෝගී කරගන්නා බවයි ඔහු සඳහන් කළේ. එසේම විශාල මුදලක් වියදම් කර විදේශ රටවලින් ගෙන්වන වාහන අතරට සංචාරක ක්ෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස මෙරට දීම තමන්ට මෙම ජීප් රථය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවද ඒ සදහා රජයේ සහයෝගය අවැසි බවද ඔහු ප්‍රකාශ කළා.

YOU MAY ALSO LIKE