Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ප්‍රබල දේශපාලන පක්ෂයක ඇතිව තිබෙන ජානාධිපති අපේක්ෂක අර්බුදයේ සුළ මුල හෙළිවෙයි

5740Views

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අපේක්‍ෂකත්ව අර්බුදයක් ඇතිවී තිබෙන බවට මේ දිනවල මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව ඇති දේශපාලන පක්ෂයක එවැනි අර්බුදයක් ඇති බවට පෙන්වීමට උත්සහ ගන්නේ හිටපු රාජ්‍ය නායිකාවක ගෙන් ලද උපදෙස් හේතුවෙන් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

අදාළ දේශපාලන පක්ෂයෙන් මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ බලාපොරොත්තුවෙන් අපේක්ෂකයින් දෙදෙනෙක් පසුවන බව පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුනා.

ඒ ඉදිරි ජනාධිපතිවරණයේදී උපායශීලි ලෙස ජන්දය ලබා ගැනීමේ වැඩපිළිවලක් සඳහා අවශ්‍ය පිඹුරුපත් සැකසීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය නායිකාවගේ උපදෙස් මත සිදුවූවක් බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධව හිටපු රාජ්‍ය නායිකාව විසින් අදාළ දේශපාලන පක්ෂයේ නායකත්වයට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක් අපේක්ෂකයෙක් තම පක්ෂයෙන් ද අනෙක් අපේක්ෂකයා සන්ධානයකින් තරග කරවන ලෙසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙවන මනාපය ද ගණනය කිරීම සිදුකරන බැවින්, ඒ වාසිය අවසාන මොහොතේ දී අදාළ දේශපාලන පක්ෂයට ජනාධිපතිධුරය ලබා ගැනීමට ඇති හැකියාව මෙහිදී හිටපු රාජ්‍ය නායිකාව විසින් පෙන්වා දී ඇත.

යම් හෙයකින් මෙම පක්ෂයෙන් සහ සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයින් දෙදෙනා ගෙන් එක් අයෙකුට ජනාධිපතිධුරයට පත්වීමේ ආසන්නතම අවස්ථාව උදාවුවහොත් ඔවුන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා අභිබවා යාම සඳහා එක් අපේක්ෂකයෙකුට තමන්ට ලැබී තිබෙන දෙවන මනාපය අනෙක් අපේක්ෂකයාට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී හිටපු රාජ්‍ය නායිකාව විසින් දීර්ඝ වශයෙන් විස්තර කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අපේක්ෂක අර්බුදයට මුහුණපා සිටින දේශපාලන පක්ෂයේ නායකයාගේ අවධානය යොමුවී ඇති බවත් ඔහු සිය ජේෂ්ඨයින් සමග සාකච්ජා කොට සිය පක්ෂය ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් දැනුවත් කරන බවට හිටපු රාජ්‍ය නායිකාවට පොරොන්දුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙය හුදෙක්ම තමන්ගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයින් මෙන්ම ජන්ද දායකයින් මුලාවේ දැමීම සඳහා සිදු කිරීමට යන වැඩපිළිවලක් බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

YOU MAY ALSO LIKE