Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

'' සාකච්ඡාව සුභවාදීයි - ප‍්‍රතිඵල ලඟදීම දැනගන්න පුළුවන්'' තීරණාත්මක සාකච්ඡාවෙන් පසු සජිත් කියයි

969Views

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එහි නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර ඊයේ (10) පැවති තීරණාත්මක සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. 

ඊයේ රාතී‍්‍ර 09.40 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡා පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර එම සාකච්ඡාව සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂිම් සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් ද එක්ව සිටියා.

මේ අතර  සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ පැවැති සාකච්ඡාව ඉතා සුභවාදී එකක් වූ බවයි. එසේම ඉදිරි දින කිහිපයේදී මෙම සාකච්ඡාවේ හොඳ ප‍්‍රතිඵලයක් ලැබෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළා. 

කෙසේවෙතත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වන පාර්ශ්වයේ අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාසට ලබා දීමට මෙහිදී එකඟතාවකට පැමිණි බවයි.

 

 

YOU MAY ALSO LIKE