Sunday, September 22, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සාමණේර හිමිවරුන්ට පහර දීම ගැන සමාජ මාධ්‍යවල පළ වු ඡායාරූපය නිසා පුද්ගලයෙක් අපහසුතාවයට (VIDEO)

3005Views

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හුවමාරු වූ වීඩියෝවෙහි සිටින සැකකරුට සමාන හැඩහුරුකම් සහිත වෙනත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක්  අදාල සිදුවීම හා සම්බන්ධ කරගනිමින්  සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම නිසා ඔහු දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

ඒ අනුව අදාල සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සාමනේර හිමිවරුන්ට පහර දෙනු ලැබුවේ තමා නොවන බවත්, ඒ සම්බන්ධයෙන්  තමාගේ ඡායාරූපයක් මුහුණු පොතේ සංසරණය වන බවත්ය. එසේම  තමන් කටාර් රාජ්‍යයේ සේවය කරන බවත් තම ඡායාරූපය සමාජ ජාලාවලින් ඉවත් කර දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නමැති පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

YOU MAY ALSO LIKE